තායිලන්ත අගමැති ධුරයෙන් ඉවත්කිරිමත් සමඟ තායිලන්තය දේශපාලන පෙරළියකට මුහුණ දෙයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තයේ ශිකරණය විසින් එරට අගමැති ශ්‍රේත්තා ධුරයෙන් පහ කිරීමත් සමඟ තායිලන්තය යළිත් දේශපාලන අවුලකට ඇද වැටී තිබේ.

ඒ අනුව, පසුගිය මැයි මාසයේදී ශ්‍රේත්තා ධුරයෙන් ඉවත් කිරීම සඳහා සෙනෙට් සභිකයින් 40 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විමර්ශනයෙන් අනතුරුව ඊයේ(14) දිනයේදී විනිසුරුවන් 5න් 4ක තීන්දුවකට අනුව අගමැති ශ්‍රේත්තා තා අවංක භාවයක් නොමැති සහ සදාචාරාත්මක ප්‍රමිතීන් කඩ කිරීම හේතුවෙන් සාපරාධී වරදකරුවෙකු බවට තීන්දු කිරීමෙන් අනතුරුව ඔහු ධුරයේ පහ කරනු ලැබිය.

මේ අනුව, වසර 16 ක් තුළ තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් පසුව ඉවත් කරන ලද සිව්වන අගමැතිවරයා ශ්‍රේත්තා වේ. ඔහු සිය කාර්යාලයෙන් පිටත මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමා තීරණයට ගරු කරන” අතරේ, වංක ලෙස ලේබල් කිරීම ගැන කනගාටුවට පත්වන බවත්ය.

කෙසේ නමුත් මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුද යන්න සම්බන්ධයෙන් මේ වන විට වාද විවාද ඇතිව ඇති අතර මීළඟ නියෝජිතයා ලෙස තේරී පත්වනු ඇතයි අපේක්ෂා කරන ජනප්‍රිය තරඟ කරුවන් අතර හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය සහ හිටපු අගමැතිනියක වූ යින්ලක් ෂිනවත්‍රාගේ ලේලිය හා හිටපු අධිකරණ අමාත්‍ය Chaikasem Nitisiri, ප්‍රධාන වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...