මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW:

චීන රජය මඟින්, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30දෙනෙකු සඳහා පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී ඇති බවත්, එය රටේ අනාගතය ගොඩනැඟීම සඳහා වන ආයෝජනයක් බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ‍නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි. ඒ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ පැවති අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ නිල උත්සවයට සහභාගී වෙමිනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ,

“වසර ගණනාවක් පුරා, චීන රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන් බොහෝ දක්ෂ ශ්‍රී ලාංකික සිසුන්ට චීනයේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල ඔවුන්ගේ අධ්‍යයන සිහින හඹා යාමට දොරටු විවර කර දී තිබෙනවා. කුසලතා මත පදනම් වූ සාධාරණ හා විනිවිද තේරීම් ක්‍රියාවලියක් හරහා අපි ශිෂ්‍යයන් තෝරාගෙන තිබෙනවා. මෙවැනි අවස්ථා නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දීමට සහ ඉදිරි පරම්පරාව සඳහා තිරසාර සංවර්ධනයක් ළඟා කර දීමට අවශ්‍ය ශක්තිය අප රටට ලබා දෙනවා.අපගේ ශිෂ්‍යත්වලාභීන්ට අද සිට ජීවිතයේ ආකර්ෂණීය නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වේවී.

2025 වර්ෂය වන විට සිසුන්165 කට අධික ප්‍රමාණයක් මෙම ශිෂ්‍යයත්ව වැඩසටහනින් ප්‍රතිලාභ ලබා ඇති අතර ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කළමනාකරණය සහ කලා යන ක්ෂේත්‍රවලින් එම ශිෂ්‍යයත්ව දිනා ගෙන තිබේ

මෙම අවස්ථාව සඳහා චීන තානාපති ගරු Qi Zhenhong මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ උසස් අධ්‍යාපන අංශයේ නිලධාරීන් මෙන් ම ශිෂ්‍යත්වලාභීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...