වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW:

අද (15) දින අගෝස්තු මස අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ. ඒ අනුව තමාට හිමි ප්‍රතිලාභී මුදල අද (15) සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකි බව අස්වැසුම ප්‍රථිලාභ මණ්ඩපය පවසයි.

මෙලෙස ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කරන මුදල රුපියල් රුපියල් කෝටි එක්දහස් එකසිය විසි හතකට අධික) මුදලක් වන අතර, පවුල් දාහතර ලක්ෂ විසි එක් දහස් හත්සිය හතළිස් පස් දෙනකුට (1,421,745 ) මෙම ප්‍රතිලාභ මුදල ලැබීමට නියමිත බව වාර්තා වේ.