ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

Date:

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පලකරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනෙකුද සහභාගී වූ මේ හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් සකස් කරනු ලදුව මුද්‍රිත මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලැබු දැන්වීම් අතිරේකයේ ඡායාරූප යෙදීම සහ ඒවා තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

දැන්වීම් අතිරේකයට යොදාගත් සෑම පිටුවකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එකට සිටින ඡායාරූප පළකිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නක් බව ඉහත සාකච්ඡාවට සහභාගී වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙන්වා දී ඇති බව සඳහන්.

එසේම හිටපු ආසන්නතම විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පළනොකිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇත.

ඒ අනුව, ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් මහකොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පල කෙරුණු දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ බලවත් අප්‍රසාදය මේ වනවිටත් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත පල කර ඇතැයිද දැනගන්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...