රජයේ වියදම් දැඩිව සීමා කරන්න, කඩදාසි භාවිතය පවා අවම කරන්න – ජනපතිගෙන් උපදෙස් !

Date:

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කරන ලෙස දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙම චක්‍රලේඛය යොමු කර ඇති බව සඳහන්.

රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මීට පෙර මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය දැඩි ලෙස පිළිපදින්නැයි එමගින් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

විශේෂයෙන්ම රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම්වලට එළඹීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමටත් රජයේ අවශ්‍යතා සඳහා ලබාගෙන ඇති වාහන සම්බන්ධයෙන් වන ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර අනිවාර්යයෙන්ම මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමටත් ජනාධිපතිවරයා විසින් නියම කර තිබේ.

එසේම කඩදාසි භාවිතය හැකිතාක් අවම කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනය හැකිතාක් භාවිතා කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...