හර්ෂණ ජයග්‍රාහීව සමු දෙයි

Date:

ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකු වූ හර්ෂණ ගොඩමාන්න සිය ක්‍රීඩා දිවිය ජයග්‍රහණයකින් අවසන් කරන්නට තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකාවේදි ඩේවිස් කුසලාන ඕෂනි/ආසියානු කළාප iv තරගාවලියේ ඉරාක කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයට දායකත්වය සපයමින් හර්ෂණ,සිය සමුගැන්ම ප්‍රකාශයට පත් කළා.ඔහු මුහුණ දුන් අවසාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග වැදි ඉරාක කණ්ඩායමේ අදිල් මුස්තාෆාව හර්ෂන විසින් ලකුණු 6 – 3 සහ 6 – 2 ලෙස පරාජයට පත් කරනු ලැබුවා.
සමුගන්නා විට හර්ෂණ 36 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු 2002 වසරේදී අවුරුදු 15 ක ගැටවරයෙක් ලෙස සිය ප්‍රතම ජාත්‍යන්තර තරගයට මුහුණ දුන්නේ ජොර්දානයට එරෙහිවයි.2016 ඔහු අත් කරගත් ඩේවිස් කුසලාන තරග ඉතිහාසයේ වැඩිම තරග ගණනක් ජයගග්‍රහණය කළ ක්‍රීඩකයා වීමේ ගෞරවයද මේ වන විටත් සුරැකිව පවතිනවා.
හර්ෂණ ක්‍රිඩාවෙන් ක්‍රීඩකයෙකු වශයෙන් විශ්‍රමා ගියද ඔහු නව භූමිකාවකින් සිය අත්දැකීම් ශ්‍රී ලංකාටෙනිස් ක්‍රීඩාව සමඟ එක් කරනු ඇතැයි අප විශ්වාස කරන අතර ඔහුගේ විශ්‍රිමික ක්‍රීඩා දිවියට LNW සුභාශිංෂන එක් කරනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...