*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පහළ ගිය මිලෙහි වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන්න – ආපන ශාලා හිමියන්ගේ සංගමයෙන් පැමිණිල්ලක් (VIDEO)

අත්‍යවශ්‍ය ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පහළ ගියද එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලැබී නැති බවට චෝදනා කරමින් ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇතුළු පිරිස අද (15) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසේල සම්පත් මහතා පැවසුවේ අත්‍යවශ්‍ය ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පහළ යාමේ වාසිය ජනතාවට ලැබී ඇත්ද යන්න විමසීම සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලය පවරා ඇති බවයි.

එහෙයින් මේ මොහොතේ කළු කඩ මාෆියාව බිඳීම සඳහා අවශ්‍ය ශක්තිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

බිත්තර,මස්,බිස්කට් සහ පාන්පිටි මිල අධික ලෙස ඉහළ යාමේ කළු කඩ මාෆියාව එරෙහිව කටයුතු කළ යුතු බවත් ප්ලේන්ටියට,බත් පැකට් එකට සහ ආප්පයට පාලන මිලක් ඇති කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan