ඉන්දියාවේ නිදහසේ අභිමානවත් 75වන වසර සැමරීම

Date:

ඉන්දියාවේ නිදහසේ 75 වන වසර 2022 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි මහත් උනන්දුවකින් සමරන ලදී. මේ වසරේ සැමරුම්, ප්‍රගතිගාමී සහ සිය ශක්තීන් ශක්‍යතාවයන් මත විශ්වාසය තබන ඉන්දියාවක 75 වන වසර විවිධ වැඩසටහන් හරහා සැමරීම ස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඳහා සංවිධානය කරන ලද ‘අසාදි කා අම්රිත් මහෝත්සව්’ (Azadi Ka Amrit Mahotsav)  වැඩසටහනෙහි කොටසකි.

2.       මේ නිමිත්තෙන් වන කොළඹ ප්‍රධාන වැඩසටහන ඉන්දීය මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන “ඉන්දියා හවුස්” හිදි පැවැත්විණ. මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දීය ධජය එසවූ අතර හමුදා උත්තමාචාරය ද නිරීක්ෂණය කළේය. ඉන්දීය ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවුඩය ද එතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

3.       විවිධ සංස්කෘතිකාංග රැසක් ද මෙහිදී පැවති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දේශානුරාගී ගීත වාදනය කරන ලදී. ගුරු සාදර සුපැතුම් කලා මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් විසින් ‘භාරත් කො සලාම්’ ගීතයට මනරම් නර්තනයක් ඉදිරිපත් කරන ලදී. ශක්තිය, ආරක්ෂාව සහ මාතෘත්වය සංකේතවත් කරන දුර්ගා මෑණියන්ට උපහාර පිණිස තවත්  ‘ගර්බා’ නර්තනයක් ද ඉදිරිපත් කෙරිණ. මෙම වැඩසටහන සජීවීව විකාශය කෙරුණු අතර ඒ සඳහා ඉන්දියාවේ මිතුරන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු ප්‍රජාවේ සාමාජිකයන් රැසක් අතථ්‍ය අයුරින් සහභාගී වූහ.

4.    මහ කොමසාරිස්තුමා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහු ශ්‍රි ලංකාවේ සාමය සහ එකමුතුබව උදෙසා දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදාවේ විරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකර ඇති ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයට ද උපහාර පුද කළහ.

5.       මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය සහ යාපනය සහ හම්බන්තොට කොන්සියුලර් ජෙනරාල් කාර්යාල විසින් ද නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබිණ. යාපනයේ ඉන්දියානු නිදහස් දින සැමරුම් ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ ඉදිවූ අති නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රී ලංකාවේ එවැනි එකම ගොඩනැගිල්ල වන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්වීම විශේෂත්වයකි.

6.       ත්‍රෛ වර්ණ ඉන්දීය ධජයට සිය ගෞරවාදරය නිර්මාණශීලී සහ නවමු අයුරින් පෙන්නුම් කරමින් ඉන්දීය ප්‍රජාවේ සාමාජිකයන් ‘හර් ඝර් තිරංගා’ (Har Ghar Tiranga) වැඩසටහන සඳහා මහත් උනන්දුවකින් සහභාගී වීම මෙම වසරේ  සැමරුම්හි තවත් කැපී පෙනෙන ලක්ෂණයක් විය.

***

කොළඹ 2022 අගෝස්තු 15

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන්...

මේ ලෝකෙ හැමෝටම රැකිය යුතු රහස් තියෙනවා. – ඉන්දික ෆර්ඩිනැන්ඩෝ

නිශ්මං රණසිංහ ජූලි 29 කොළඹ LNW : ඉන්දික ෆර්ඩිනැන්ඩො,විශ්ව විද්‍යාලයක...

රන් ආලේපිත ගිනි අවියේ නඩුවෙන් දුමින්ද මුදා හරියි!

කොළඹ LNW:රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන්...

මාලදිවයින් ආර්ථිකයට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය ලැබෙනු දැකීම සතුටක්: ජනපති මාලදිවයිනේදී කියයි.

මාලදිවයින් රාජ්‍ය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...