*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

කොළඹ ජාතික රෝහලේ විදුලිය බිඳවැටීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දකුණු ආසියාවේ විශාලම රෝහල වන කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට ඊයේ (14) පෙරවරු 10.00 සිට පැය 8 කට අධික කාලයක් විදුලි විසන්දි වීමෙන් රෝගීන් සහ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්වූ බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

පසුව ඊයේ පස්වරුව වන විට විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත්කර ඇති බව පැවසේ. විදුලිය බිඳ වැටීමත් සමඟ රෝහලේ දුරකථන ජාලය සහ වායු සමීකරණ පද්ධතිය ද අක්‍රීය වීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බවත්,  වෛද්‍යවරු විදුලි පන්දම් ආධාරයෙන් ශල්‍යකර්ම කළ බව ද තොරතුරු වාර්තා වේ.

 ශල්‍යාගාර A, ශල්‍යාගාර B, ශල්‍යාගාර D, වාට්ටු අංක 65 ඇතැම් දැඩි සත්කාරක වාට්ටු වල රෝගීන් බරපතල අවධානමකට ලක්ව තිබු බවත් ,  විදුලි බිඳවැටීමත් සමඟ ලේ බැංකුවේ ගබඩා කර ඇති ලේ, ඇතැම් ඖෂධ වර්ග දැඩි අවදානමකට පත්ව ඇති බවත් දැඩි සත්කාර ඒකකවල යන්ත්‍ර ඒවායේ බැටරියෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවත් රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan