පාස්කු ප්‍රහාරය පිළිබඳ Channel 4 හෙළිදරව්ව තාක්ෂණික හේතුවක් මත කල්යන ලකුණු !

Date:

ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වාර්තා වැඩසටනක් අද (15) බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 7.00 ට, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30 ට බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතව තිබිණි. මෙම වාර්තා වැඩසටහන විකාශය කිරීමට නියමිතව තිබුණේ ඔවුන්ගේ සවස ප්‍රවෘත්ති විකාශය අතරතුර ය.

කෙසේවෙතත් එම වාර්තා වැඩසටහන තාක්ෂණික ගැටලුවක් මත අද දිනයේදී විකාශය නොවනු ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහනේ ප්‍රධාන කථකයාගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂා කිරීමේදී හෙළිදරව් වී ඇති කරුණු අනුව ඔහුගේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව ඇති හෙයින් මෙසේ එම වැඩසටහන තාක්ෂණික ගැටලුවක් මත බව පවසමින් විකාශය නොකිරීමට ඉඩ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු කිහිපදෙනෙකුම මෙම වාර්තා වැඩසටහනට අදහස් දක්වා තිබුණු බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...