සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුටම පොලිස් ආරක්ෂාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සෑම අපේක්ෂකයෙකුටම පොලිස් ආරක්ෂාව ලබාදෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පවසයි.

එක් එක් අපේක්ෂකයාට ඇති තර්ජන පිළිබඳ තක්සේරුවක් සිදුකර, අවශ්‍ය පරිදි ආරක්ෂාව වැඩිකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් කටයුතු කෙරෙන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

“මේ ජනාධිපති කාලසීමාව තුළදී අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර තිබෙනවා. මේ කමිටුවේ සභාපතිධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමා. ඒ අනුම සෑම අපේක්ෂකයෙකුටම යම් ආරක්ෂාවක් ලබාදීම සිදුවෙනවා. ඊට අමතරව එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරනවා. ඒ තක්සේරුව සිදු කරන්නේ ඒ කමිටුව මගින්. ඒ අනුව කමිටුව තීරණය කරනවා ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ ආරක්ෂාව වැඩි කරන්න. ඒ අනුව තමා සෑම අපේක්ෂකයෙකුටම ආරක්ෂාව සපයන්නේ. ඒ අනුව එක් එක් අපේක්ෂකයා සහභාගී වන රැස්වීම් සම්බන්ධව කල්වේලා ඇතිව දැනුම්දීමෙන් අනතුරුව ඒ රැස්වීම් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවශ්‍ය දැනුම්වත් කිරීම් කරලා ඒ සම්බන්ධීකරණය සිදුකරනවා”

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...