ඉන්න සහ මම ….

Date:

හේන් කරවිල වැල
ළා රිකිලි ලා නැගෙයි
සිට වූ දින ඉන්න

හීලෑ කර ගතිමි ඒ වැල
නගින්නට මා ඉන්න දිග
උදෑසනකම සැම
ගොස් බලමි එය
නැගෙන්නේදැයි ඉන්න දිග

නැගෙන විට නව රිකිල්ලක්
සොයන්නෙමි තව ඉන්නක්

ඉන්න පමණක් නොව
ඉන්නේ වැල සමග
මමද ‘ඉන්නේ’ වෙමි
ඉන්න හා වැල ළඟ
තණ පැල ඉවත ලමි
ඉන්නේ ඉන්න බැරි
කරවිල රිකිල්ලට
තිබ්බටු ගස වෙතට
නැවෙන්නට ඉඩ නොදෙමි

එදා යම් දවසක
කැලයෙන් සොයාගෙන
කොටුවක කොටු කෙරූ
කරවිල නම් පැලය
ආදිම මුතුන් මිත්තා
නැවතුණ ලෙසම
මමද නවතිමි වැල ළඟ
ඉන්නක්ද හිටවාගෙන

හීලෑ කළේ මිනිසාද
ඒ පැලය, වැල හෝ ගස
නැතිනම්
ඒවාද හීලෑ කළේ මිනිසා
සංචරන නවතා
ඉන්න ළඟ ඉන්නට

වැලට යන්නට හිටවන
ඉන්නට ‘ඉන්න’ කීවේ කවුරුද ?
මගේ කරවිල වැල ළඟ
ඉන්නෙ ඉන්නක්ම විතරද ?

~ ලියනගේ අමරකීර්ති

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...