සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 16 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: අවුරුදු 111 ක් වයැසති ලොව වයස්ගතම පිරිමි පුද්ගලයෙකු Warwickshire හි දී මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Leamington Spa හි Cubbington Mill Care Home හි ජීවත් වූ John Farringdon යන මොහු, ජුනි 7 වන දින ඔහුගේ 111 වන ජන්මදිනය සැමරීය.
මෙම සතිය මුලදී ඔහු සාමකාමීව මිය ගිය බව ඔහු සිටි රැකවරණ නිවාසයෙන් තොරතුරු අනාවරණය විය.
ටයිටැනික් නෞකාව ගිලී වසරකට පසුව උපත ලැබූ ෆරින්ග්ඩන් මහතා ලොව තුන්වන වයස්ගතම මිනිසා බව Gerontology Research Group විසින් පවසයි.