ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

Date:

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු 17 වනදා සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද (16) සහ හෙට (17) යන දෙදින තුළ ඔහුගේ දේහය මහනුවර, මහයියාවේ පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනු ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 05.00 ට මහනුවර, නිත්තවෙල පිහිටි පවුලේ සුසාන භූමියේදී සිදුකෙරෙනු ඇත.

අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ලොහාන් රත්වත්තේ ඊයේ (15) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබිණි.

මියයන විට ඔහු 57 වැනි වියේ පසුවිය.

බණ්ඩාරනායක පවුලේ සමීප ඥාතියෙකු වන ලොහාන් රත්වත්තේ, හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමහල් පුත්‍රයා ය. 2001 මහමැතිවරණ දිනයේ සිදුවූ උඩතලවින්න දස පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ කලක් බන්ධනාගාරගතව ද සිටි ඔහු පසුව අධිකරණයෙන් නිදහස් විය. ඉන් අනතුරුව 2009 වසරේදී මධ්‍යම පළාත් සභාවටත් 2010 වසරේදී පාර්ලිමේන්තුවටත් තේරී පත්වූ ඔහු 2024 දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය තනතුරු ද දැරීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!

කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට...

ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්. 05ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා...

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...