Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින් සති අන්තයේ ඇල්ල වික්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක්වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ස්වභාවික සෞන්දර්යය විඳගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතින අතර ඒ අනුව ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් සති අන්තයේ නව දුම්රියක් ධාවනයට පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අද (16) සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ හෙට (17) සිට සෑම ඉරිදා දිනකම පස්වරු 1.45ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා මෙම දුම්රිය ධාවනය කෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්? බී වාර්තාවේ නීතිමය හිඩැස! රනිල් – සරෝජා හුටපටය!

සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි පෙබරවාරි 14, LNW (කොළඹ): හිටපු...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...