LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW:

විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය වෛද්‍ය ක්‍රම ද එකතු කරන නවෝත්පාදන සහිත ව්‍යාපාරික ආයතනයක් හැටියට විශ්වසනීයත්වය තහවුරු කරගෙන සිටින සීමාසිහිත ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම පළමු වරට ක්‍රිකට් අනුග්‍රහයට පිවිසෙමින් සිටියි.ශ්‍රී ලංකා ක්‍රිකට් නව සේවා සහ නිෂ්පාදන සඳහා දේශිය වෙළද සන්නාම සඳහා ඇරයුම් කරමින් ඉඩ සකසා ගන්නට කටයුතු කරමින් සිටින මොහොතක ලින්ක් නැචුරල් හී ක්‍රිකට් ප්‍රවේශය සිඳුවන්නේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය හරහායි.


මේ වන විට අනුග්‍රහයන්ට එහා ගොස් ක්‍රීඩා කණ්ඩායම් සම්බන්ධයෙන්ද ලින්ක් නැචුරල් නම බද්ධ වී තිබෙන බව එහි ප්‍රධාන විධායක අශාන් රන්සිළිගේ පවසනවා.ඒ අනුව මේ වන විට රගර් සහ වොලිබෝල් ක්‍රීඩාවේදී වෙළද සේවා කේෂ්ත්‍රයට ලින්ක් නැචුරල් නමින් ක්‍රීඩා කණ්ඩායම් ඉදිරිපත් වී ඇති අතර ලින්ක් නැචුරල් සම්බන්ධ මව් ආයතනයේ තිබෙන ක්‍රිකට් කණ්ඩායමට අමතරව ලින්ක් නැචුරල් ක්‍රිකට් කණ්ඩායමක් ගැන ද සමහර විට ඉදිරියේදී දැක ගන්නට ලැබෙන්නට හැකියාව ඇද්ද යන පැනයට අශාන් පැවසුවේ තමන් මෙම තනතුරට තවමත් අලුත් බව පමණයි.


කෙසේ වුවත් අලුත් තනතුර සමඟ දැවන්තම ක්‍රිකට් සංගමයක් වන සහ දිගු ඉතිහාසයක් සමඟ මේ මොහොත වන විට නවීන ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍යය සියළු පහසුකම් සපයන භූමියකට හිමිකම් ක්‍රියන සංගමයක් සමඟ ලින්ක් නැචුරල් සම්බන්ධ කිරීම අශාන්ගේ අලුත්කම පරයා දැනෙන පරිනත කමක් ලෙස දැකිය හැකියි.


වෙළද සේවා ක්‍රිකට් සංගමය සහ ලින්ක් නැචුරල් අතිනත ගැනීම ඇතිවෙන්නේ මෙවර වෙළද සේවා ප්‍රිමියර් ලීග් පන්දු වාර 50 තරගාවලිය සමඟයි.මේ අතිනත ගැනීම දිගුකාලීන නොකැඩෙන දීගයක් වීමට අවශ්‍යය භෞතිකමය වටිනාකම දෙපිරිස එක්ව තැනෙන සබඳතාවය තුළ දැකිය හැකි නිසා එය ප්‍රීතියෙන් ඉදිරියට ඇඳෙනු දැකිය හැකියි.මෙවර එම කාණ්ඩයෙන් නවලෝක රෝහල් සමාගම,ඩීඑෆ්සීසී බැංකුව,එක්ස්පෝ ලංකා සමූහය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම තරග බිමට පිවිස සිටිනවා.
මේ වන විටත් ක්‍රියාත්මකව පවතින තරගාවලියේ අවසාන තරගය එළැඹෙණ අගෝස්තුවේ මුල් කාර්තුවේ දී පැවත්වීමට නියමිතයි.ජාත්‍යන්තර එක්දින තරගයක දැකිය හැකි ජය පරාජය විසඳෙන ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යායේ සිටම සියලු පිළිගත් ක්‍රිකට් සම්ප්‍රදායන් මෙන්ම නීතිමය තත්ත්වයන්ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හැකි වන සේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු සංගමය මෙන්ම ලකුණු සටහන්කරුවන්ගේ සංගමය ද නිවැරදි තීරණ සහ දත්ත වෙනුවෙන් වෙළද සේවා තරගාවලිය වෙනුවෙන් දායකත්වය දක්වනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මෙම තරගාවලය සඳහා භාවිතා කරන සුදු පැහැති ග්‍රේස් කැවිලියර් පන්දුව යොදා ගන්නා අතර මෙවර පළමු වරට ලීග් සූරයන්ට ලින්ක් නැචුරල් අනුග්‍රහයෙන් පිරිනමන සූරතා කුසලාන ලබා ගන්නට හැකි වෙනවා.එසේම තරගාවලිය ඇසුරෙන් තරගාවලියේ වීරයාට,හොඳම පිතිකරුට සහ පන්දු යවන්නාට මෙන්ම අවසන් තරගයේ වීරයාට ද ජය සංඛේත පිරිනැමීමක් සිඳු වෙනවා.
ක්‍රීඩාවේදී ඇති විය හැකි ශරීර වේදනාවකට භාවිත කළ හැකි ලින්ක් නැචුරල් ක්‍රෑම්ප්ගාඩ් මෙන්ම මස්පිඬු වේදනාවකට ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කළ හැකි මස්ල්ගාඩ් නිෂ්පාදන ද මේ ක්‍රිඩාවේ නියැලෙන ඕනෑම කෙනෙකුට සහනයක්ය යන කරුණ ද සනාත කරමින් ලින්ක් නැචුරල් සහ වෙළද සේවා ක්‍රිකට් සංගමය අතර ඇති වූ බැදීම සාක්ෂාත් කරන අනුග්‍රාහක චෙක්පත පිරිනැමීම වෙළද සේවා ක්‍රිකට් සංගමයේ පිහිටි ලෙජන්ඩ්ස් වින්ග් ශාලාවේදී සිඳු වුණා.


මෙම අවස්ථාවට වෙළද සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් සභාපති මහේෂ් අල්විස්,ලේකම් රොහාන් සෝමවංශ සහ අනුග්‍රාහක කමිටුවේ සභාපති හසිත් දහනායකත්,ලින්ක් නැචුරල් වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි අශාන් රන්සිළිගේ,වෙළද අංශයේ ප්‍රධානි රාජ් කුමාර් සහ ආයතනික ව්‍යාපෘති අංශයේ ප්‍රධානී සමඟි රාජපක්ෂත් එක්ව සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...