දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

Date:

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් චීනය ඉන්දියාව සමග සාකච්ඡා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසනවා.

කෙටි දැනුම්දීමකින් චීනය වෙත ගුවන් ගමන් ඇරඹීමට සූදානමින් සිටින ලෙසට ඉන්දීය රජය එරට ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇතැයි ද වාර්තා වනවා. චීනය හා ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 2.8 ඉක්මවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළා. දෙරට අතර ගුවන් ගමන් ඇරඹීම, දේශසීමා සංචාර, හුවමාරු හා සහයෝගීතාවන්ට එය උපකාරී වනු ඇතැයි චීනය පවසනවා.

දෙරට අතර සබඳතාවන්හි ධනාත්මක තත්ත්වයන් පිළිබඳ සඳහන් කරමින් ලින් ජියන් මහතා පැවසුවේ හවුල්කරුවන් ලෙසට එකිනෙකාට සහයෝගය දැක්වීම දෙරටේ නිවැරදි තේරීම බවයි. දෙරට නායකයන්ගේ පොදු අවබෝධයන් මත ඉන්දියාව සමග ක්‍රියා කිරීමට චීනය සූදානම් බවද හෙතෙම කියාසිටියා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...