කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව වට්ස්ඇප් අංකයට මේ වන විට පැමිණිලි 2000කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙන බව වාර්තා වෙයි.
ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ දැනුම් ක්ෂණිකව දැනුම් දීම සදහා එය හදුන්වා දී තිබේ.
ඒ අනුව එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතුද ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
පොලිස්පතිවරයා විසින් හදුන්වා දුන් 071 859 88 88 යන වට්ස්ඇප් අංකය වෙත සෘජුවම කෙටි පණිවුඩ, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමුකර ක්ෂණික පැමිණිලි යොමුකළ හැකිය.
