පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වයන් හේතුවෙන් 194 දෙනෙකු මියගොස් 35 දෙනෙකු අතුරුදන්ව ඇති බව එරට ආපදා අධිකාරිය තහවුරු කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බලධාරීන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර බොහෝ මරණ, එනම් මරණ 180 ක් වයඹදිග පකිස්ථානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ වාර්තා වී ඇති අතර, තවත් පස් දෙනෙකු ගිල්ගිට්-බෝල්ටිස්තානයේ උතුරු ප්‍රදේශයේ සහ නව දෙනෙකු පකිස්ථාන පරිපාලන කාශ්මීර කොටසේ මිය ගොස් ඇති බව එහි සඳහන් වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන අතර විශාල පිරිසක් අවධානම් ප්‍රදේශ වලින් ඉවත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...