‘USS Santa Barbara’කොළඹ වරායට..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW:

‘USS Santa Barbara’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. එය අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවකි.

අද (16) උදෑසන කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරුණු බව වාර්තා වේ .

දිගින් මීටර් 127.6ක් වූ කොළඹ වරායට පැමිණි Littoral Combat වර්ගයට අයත් ‘USS Santa Barbara (LCS32)’ නෞකාව, එක්සත් ජනපද හත්වන (7th Fleet) නෞකා බල ඇනියට අයත් නෞකාවක් වේ.

මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් A. J. OCHS කටයුතු කරනු ලබන බව පැවසේ.

මෙම ‘USS Santa Barbara’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති බව වාර්තා වේ.

නාවික හමුදාව පැවසූවේ , නෞකාව නිල සංචාරය අවසානයේ 2025 අගෝස්තු මස 22 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...