රෝහල්වල තත්වය දැඩි අර්බුදකාරීයි – GMOA අනතුරු හඟවයි !

Date:

රෝහල්වල ඖෂධ හිඟයක් පමණක් නොව වෛද්‍ය උපකරණ හිඟයක් ද පවතින අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මුණිවත රකිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

“ඖෂධ වර්ග විතරක් නෙවෙයි රෝහල් පවත්වාගෙන යාමට අවශ්‍ය සමහර වෛද්‍ය උපකරණවල, ඒ උපකරණවලට අවශ්‍ය රසායන ද්‍රව්‍යවල, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය අනෙකුත් කළමනාකරණ ද්‍රව්‍යවල හිඟයකුත් මේ වනවිට දැඩි අර්බුදකාරී තත්වයකට පත්වෙලා තියෙනවා. මේ වෙනකොට අපට පෙනෙන්න තියෙන කාරණාව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකර, ඔවුන් මුණිවත රකිමින් ඉන්නවා. රෝහල්වල ඖෂධ නිකුත් කෙරුවේ ඉස්සර මාසෙකට සෑහෙන්න නම් මේ වෙනකොට සතියකට තමයි ඖෂධ නිකුත් කරන්නෙ”

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...