ඇතැම් විට …..

සිනිදු සිනා රේඛා
අතුරනා මෘදු කැලුමක
අවසන්ම මන්දහාසය
ශේෂ වු නටඹුනක් සේ
වැළලී යන්න නියමිතය
පොළෝ පපු කුහරයක
සියුම්‍ දූවිලි අංශු මත …….

වඩා දුක,
ජීවිතේ වන වදුළු
එළිපෙහෙළි කර දුන් සඳක්
මහ පොළොවේ නිදියෑමය …….

බැස යන්නට මත්තෙන්
සිනහ රේඛා දෙක තුනක්
අලවමින් ⁣
බිම හෙලූ බැල්ම
දුවෙකුට උහුලන්න බැරි තරම්‍ සිනිඳුය ……

ඉතිං හෙට සිට,
හෝරා යතුරක
කිනම්‍ හෝ කණිසමකට
වැඩබිමක මහමඟක
කම්‍කරු ගොවි සේයා රුවකට
හදෙහි ස්ථර
පහසුවෙන් ලිහිල් කළ හැකිය ……

ඇතැම් විට ,
හිරු ගිලී යළි නොහැරීම
සඳට එන්න යැයි කියන පමාවට
නිල් පාට තිතක් සේ පෙනෙන්නේ
කොහේ හෝ දුවකගේ සිත් අහසින් නික්මුණ
තාත්තෙක් වෙන්න පුළුවන …..

~ නජිලා ශේෂානි අධිකාරි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...