*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අනාගත යුපුන්ලාට සුසන්තිකාලාට වැට බඳින සුගතදාසය

ඉදිරියේදී පැවත්වෙන දේශිය සහ විදේශීය මලල ක්‍රඩා සූරතා ඉලක් කර ගනිමින් සුගතදාස ක්‍රීඩාංගණයට පුහුණුවීම්වලට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමහර අවස්ථාවලදී ඇඟ උණුසුම් කරන ධාවන පථයට හෝ ඇතුල්වීමට අවසර නොමැති බව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ පුහුණුකරුවෝ පවසති.නිශ්චිත සැළසුමකට තමන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම්වල යොදවන පුහුණුකරුවෝ මේ තත්ත්වය නිසා දැඩි අසරණ තත්ත්වයකට පත් වන බවත්,ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මේ මඟ හැරෙන දින නිසා සිය ඉලක්ක වෙත යාමට අසීමිත මහන්සියක් දරන්න වෙන බවත් එම පුහුණුකරුවෝ පෙන්වා දෙති.
“එහෙම මහන්සි වෙන්න වුණහම ඉන්ජරියක් වුණත් එන්න පුළුවන්”
කිහිප දෙනෙකුම එසේ පැවසුවේ ඇති වී තිබෙන තත්ත්වය රටට වැදගත් ඊ ළඟ පරම්පරාව ගොඩ නැඟීමට අවශ්‍යය පහසුකම් නොදෙමින් සුගතදාස අධිකාරිය කරගෙන යනු ලබන වැඩ පිළිවෙල ගැන කණස්සල්ල පළ කරමින්ය.
විශේෂයෙන්ම පාපන්දු ක්‍රීඩාවට අදාළව ක්‍රීඩාංගණය වෙන්වෙන අවස්ථාවල පූර්ව දැණුම් දීමකින් තොරව මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට මලල ක්‍රීඩා පුහුණුවට සිඳුවන අතර, කොළඹ නගරය ආසන්නයේ මලල ක්‍රීඩාව කිරිම සඳහා ඇති ඉහළ ප්‍රමිතියට ආසන්න එකම ක්‍රීඩාංගණය මේ ආකාරයට තවත් ස්ථාන සහ පහසුකම් ඇති පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ලබා දී මලල ක්‍රීඩා පුහුණුව නවතා දැමීමට කටයුතු කිරීම අඥාණ ක්‍රියාවකි.
ලෝකයේ පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල අවසාන අංකයකට පාපන්දු පරිපාලකයන් විසින් ඇඳගෙන ගොස් තිබෙන පාපන්දු ක්‍රීඩාවට වඩා මලල ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණවලට ආසන්නව තිබෙන බව සත්‍යයකි.මෙවැනි තත්ත්වයක පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් දේශිය සහ ජාත්‍යන්තර ජයග්‍රහණ හඹා යමින් තිබෙන මලල ක්‍රීඩාව නොසළකා හැරීම අනුවණ කමකි.ඉතා ආසන්නයේ සැප්තැම්බර් 13 සිට සැප්තැම්බර් 17 දක්වා අවුරුදු 18 න් පහළ ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියේ තේරීම් තරඟද පැවත්විමට ඇත.ඒ ඔක්තෝම්බර් 13 සිට 16 දක්වා කුවේට් හී පැවත්වෙන 04 වන අවුරුදු 18 න් පහළ ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් යන්න බව ද ක්‍රීඩාවේ ජාතික වගකීමට බැදී සිටින සුගතදාස බලධාරීන් ද දැන ගත යුතුව ඇත.
රටක ජාතික වශයෙන් වැදගත් ක්‍රීඩා සංකීරණයක් ජාතික වශයෙන් ක්‍රිඩාව නඟා සිටුවිමට මුල් තැන දී කටයුතු කල යුතු අතර නමුත් සුගතදාස ක්‍රීඩාංගණය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ක්‍රීඩා සඳහා භූමිය විකුණා ආදායම් ලැබීමට සහ සුගතදාස හෝටලය හරහා ආදායම් ලැබීමට සීමා වී ය.මේ තත්ත්වය වෙනුවට ක්‍රීඩාංගණය පිටතින් මාවතට මුහුණ ලා සාප්පු සංකීරණයක් ඉදි කිරීම වැනි ක්‍රියාවන් සඳහා දශකයකටත් වැඩි කාලයක් තිස්සේ පැමිණෙන අමාත්‍යවරුනට යෝජනා කළත් සිඳුවෙමින් පවතින්නේ සුගතදාසය රජයෙන් යැපෙන සහ ඒ ලැබෙන මුදල උලා කණ දේශපාලන සහ නිලධාරි සංස්කෘතියක් පමණි.සුගතදාසය ද රජයට ආදායම් ඉපයිය හැකි නමුත් රජයටත්,එය මූලික වශයෙන් ඉදි කරන්නට යෙදුණ ක්‍රීඩාවේ ප්‍රගමනයටත් දායක නොවී බරක් වන දෙයක් හැටියට පවතින්නේ එය ආදායම් උපයන මට්ටමට සැළසුම් කිරීමට දක්වන නොකැමත්ත නිසාය.එහි සේවකයෝද එවැනි යෝජනා සැළසුම් ඉදිරිපත් කරනු වෙනුවට ඉහළින් එන ක්‍රීඩාවට අහිතකර තීරණ අකුරටම ඉටු කරන්නට බැදී සිටිති.
නැඟෙමින් පවතින මලල ක්‍රීඩා බලාපොරොත්තුවලට වැට බඳිමින් මේ රට මලල ක්‍රීඩාවේ යුපුන්ලාගේ දේශය සුසන්තිකාලාගේ දේශය ලෙස කතාවෙන් පමණක් හදුන්වා පලක් නැත.අඩුම තරමේ මලල ක්‍රීඩකයන්ට වෙන්ත ක්‍රීඩාවන් සඳහා ක්‍රීඩාංගණය වෙන් කරද්දී ඇඟ උණුසුම් කරන ධාවන පථය හෝ පුහුණුවට වෙන් කර දෙන්නට බලධාරීන් කල්පනා කළ යුතුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan