පෙලෝසි ගේ තායිවාන සංචාරය ගේමක්, තවත් නේටෝවක් බිහිකරන්නයි මේ සූදානම: පුටින්

Date:

එක්සත් ජනපදයට අවශ්‍ය යුක්රේනයේ ඇති ගැටුම්කාරී තත්ත්වය ඉවත් කිරීමට බව පුටින් කියයි…

ඉකුත් දින එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි මහත්මිය ගේ තායිවාන සංචාරය ඉතාම සැලසුම්සහගතව දියත් කළ මෙහෙයුමක් බව රුසියාව චෝදනා කරයි.

රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සඳහන් කරන්නේ, මිනිසුන් ඇවිස්සීම සඳහා පෙලෝසි ගේ තායිවාන සංචාරය ඉතාම සැලසුම්සහගතව දියත් කළ එකක් බවයි.

එමෙන්ම, මෙවන් ක්‍රියාදාමයන් හරහා ආසියා පැසිෆික් කලාපය තුළ ද නේටෝ සංවිධානය වැනි යුධ එකමුතුවක් සහිත පද්ධතියක් නිර්මාණය කිරීම බටහිර රටවල අභිප්‍රාය වී ඇති බව ද පුටින් අවධාරණය කරයි.

රුසියානු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මොස්කව් හි ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව ආමන්ත්‍රණය කරමිනි.

යුක්රේනයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය ඉවත් කිරීමට එක්සත් ජනපදයට අවශ්‍යව ඇති බවත්, ඊට අදාළව මිනිසුන් කුපිත කිරීමේ සැලැස්මක් ලෙස පෙලෝසි මෙම මස මුල තායිවාන සංචාරයේ යෙදුන බව ද හෙතෙම පැවසීය.

ඡායාරූප: ඒඑෆ්පී

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...