ජාතික අක්ෂි රෝහලේ ඖෂධ සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක්! (VIDEO)

Date:

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධවල දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.

ඒ, අද (16) මාධ්‍ය වෙත කරුණු අනාවරණය කරමිනි.

පවතින තත්ත්වය මත ඖෂධ බොහොමයක් රෝහල තුලින්ම රෝගීන්ට නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවයි කොළඹගේ මහතා කියා සිටියේ.

ශල්‍ය උපකරණවල හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ශල්‍ය කර්මවලට පමණක් සීමා වීමට සිදුව තිබෙන අතර සෙසු ශල්‍ය කර්ම ප්‍රමාද කිරීමට සිදුව තිබෙන බව ඔහු සඳහන් කළේය.

රෝහලට ලැබෙන කාච ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති බවත් බාහිර රෝගී අංශයේ ප්‍රතිජීවක ඖෂධ එකකට සීමා වී තිබෙන බවත් ඇස් සඳහා භාවිතා කරන ඖෂධ 50%කට වැඩි ඖෂධ ප්‍රමාණයක හිඟයක් පවතින බවත් ඔහු සඳහන් කරන ලදී.

මෙම තත්ත්වය හේතුවෙන් රෝහලෙන් බැහැර ඖෂධ අලෙවිසල් වෙතින් ඒවා ලබා ගැනීමට රෝගීන්ට නියම කිරීමට සිදුව තිබෙන නමුත් බොහොමයක් ඖෂධ අලෙවි සල් තුළද එම ඖෂධ වල හිඟයක් පවතින බව පෙනෙන්නට ඇති බවයි කොළඹගේ මහතා පැවසුවේ.

එමෙන්ම ඇතැම් ඖෂධ මිල 300%කින් පමණ මිල ඉහළ ගොස් ගිහින් තිබෙන බව ඔහු කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...