චීන නැව වැඳ පුදාගන්න විමල්, වාසු, රතන හිමි හම්බන්තොටට

Date:

ආන්දෝලනාත්මක “යුවාන් වැන්ග් – 5” චීන නෞකාව පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ අතුරලියේ රතන හිමි අද (16) පෙරවරුවේ හම්බන්තොට වරාය කරා ගොස් තිබිණි.

මේ තිදෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තුළ වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඉහළම බලයක් සහිතව රැඳී සිටි අතර අවසන් මොහොතේ එයින් පිටතට තල්ලු වී තමන් “ස්වාධීන” බව ප්‍රකාශයට පත් කළ අය වෙති.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බරපතළ දේශපාලන අර්බුදයක් කරා තල්ලු කරගෙන යාමේදී විමල්, වාසුදේව, රතන හිමි ඇතුළු එම ආණ්ඩුවේ කුඩා පක්ෂ 10 ඉදිරියෙන්ම සිටි බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම වැළැක්වීම සඳහා උපරිමයෙන් දඟළමින් සිටින්නේ ද මේ පිරිසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ චීන මැදිහත්වීම කවරාකාරද යන්න පිළිබඳව හොඳම උදාහරණයක් අද දිනයේදී මේ තිදෙනා මෙම චීන නෞකාව වැඳ පුදාගැනීම සඳහා යාමෙන් ලැබී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...