චීන නැව වැඳ පුදාගන්න විමල්, වාසු, රතන හිමි හම්බන්තොටට

Date:

ආන්දෝලනාත්මක “යුවාන් වැන්ග් – 5” චීන නෞකාව පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ අතුරලියේ රතන හිමි අද (16) පෙරවරුවේ හම්බන්තොට වරාය කරා ගොස් තිබිණි.

මේ තිදෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තුළ වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඉහළම බලයක් සහිතව රැඳී සිටි අතර අවසන් මොහොතේ එයින් පිටතට තල්ලු වී තමන් “ස්වාධීන” බව ප්‍රකාශයට පත් කළ අය වෙති.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බරපතළ දේශපාලන අර්බුදයක් කරා තල්ලු කරගෙන යාමේදී විමල්, වාසුදේව, රතන හිමි ඇතුළු එම ආණ්ඩුවේ කුඩා පක්ෂ 10 ඉදිරියෙන්ම සිටි බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම වැළැක්වීම සඳහා උපරිමයෙන් දඟළමින් සිටින්නේ ද මේ පිරිසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ චීන මැදිහත්වීම කවරාකාරද යන්න පිළිබඳව හොඳම උදාහරණයක් අද දිනයේදී මේ තිදෙනා මෙම චීන නෞකාව වැඳ පුදාගැනීම සඳහා යාමෙන් ලැබී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...