*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

කවුද ඩෝ අපේ පස්වෙනි සෙම්පතිතුමාට අතට අත දෙන්න බෑ කිව්ව එකා ??

අද (16) දිනයේ හම්බන්තොට වරායට පැමිණි චීන අධි තාක්ෂණික නෞකාව බැලීමට ගිය හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතාට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි.

ඒ, සරත් වීරසේකර මහතා එම නෞකාවේ කපිතාන්වරයාට අතට අත දීමට ගිය මොහොතේදී ඔහු විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් වීරසේකර මහතාට නැවට ගොඩවීමට ඉඩ ලබා නොදීමත් සම්බන්ධයෙනි.

නාවික හමුදාවේ හිටපු රියර් අද්මිරාල්වරයකු වන සරත් වීරසේකර මහතා තමන්ව හඳුන්වා ගන්නේ යුධ විජයග්‍රහණයේ පස්වෙනි සෙන්පතියා ලෙසය. ඒ, යුධ ජයග්‍රහණයට සෙන්පතිවරුන් 4 දෙනෙකු පමණක් සිටි ඉතිහාසයක් තුළ ය. කෙසේවෙතත් පසුව දේශපාලනයට පැමිණි ඒ මහතා පසුගිය මහමැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන මහජන ආරක්ෂක ඇමති ධුරයට ද පත්වීමට සමත් විය.

එවන් තත්වයක් තුළ පොහොට්ටුවේ සමස්ත “රණවිරුගායෙන්” පෙළෙන සාමාජිකයින් නියෝජනය කරමින් චීන නැව වෙත පැමිණි ඒ මහතාට චීන නැවේ කපිතාන්ගෙන් මදි පුංචිකමක් සිදුවීම යනු ලේසියෙන් අත්හැරිය හැකි දෙයක් නොවේ.

විශේෂයෙන් යුද්ධයෙන් පසුව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී එල්ටීටීඊ හිතවාදීන් සමග මුහුණට මුහුණට ගැටෙමින් රට බේරාගත් බවට වීරසේකර මහතා මෙරට ජනතාවට කියූ කතාන්දරත් මේ නැවෙන් ලැබුණු සැලකිල්ලටම සමාන ඒවා වන්නට ඇතැයි ජනතාව දැනගැනීමට ද ඉඩක් මේ හරහා නිර්මාණය වී තිබේ. ඒ නැතත් පසුගිය කොවිඩ් සමයේ නිරෝධායනය සඳහා යන කාන්තාවන්ට යටිතල පහසුකම් සපයමින් ඒ මහතා කළ සේවාව සලකාවත් ඒ මහතාට අතට අත දෙන්නට යුතුකමක් චීන කපිතාන්වරයාට තිබිණි.

දැන් ඉතින් විලි ලැජ්ජාව සිදුවී හමාරය. එහෙත් වීරසේකර මහතාට තවත් ගත හැකි එක් පියවරක් තිබේ. ඒ, ඇමරිකානු එක්සත් ජනපත නියෝජිත මණ්ඩලයේ කථානායික නැන්සි අක්කාට ගාල්ල වරායට එන ලෙස ආරාධනා කිරීම ය. චීනයත් සමග පැටළෙන්නට පොටක් හොයමින් සිටින නැන්සි අක්කා ද සිටින්නේ ඕනෑම නැවකට පැනීමට බලාගත් ගමන්ම ය. සෙම්පතිතුමනි, අතාරින්න එපා ය …

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan