මේ රට නිධානයක්. මේ නිධානයෙන් ප්‍රයෝජන ගන්න හිතලවත් නැහැ – හරීන්

Date:

කොළඹ LNW:මේ රට නිධානයක් බවත් එම නිධානයෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද කියා තවම සිතා නැති බවත් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස සිදුකිරීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”මේ රට නිධානයක්. මේ නිධානයෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද කියා අප තවම සිතා නැහැ. ඒ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස සිදු කිරීම තමයි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ වී තිබෙන්නේ. අද මේ රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ මේ රට පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතුයි. නමුත් අද තනි පුද්ගලයෙකු රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිනවා. සංචාරකයන්ට සුන්දර ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ නංවා ගැනීමට නම් සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු රැසක් විසඳිය යුතුව තිබෙනවා. මෙරට සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානවල පවතින තදබදය අඩු කිරීමට ඉදිරියේ දී වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද අපේක්ෂා කරනවා. එසේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා. සංචාරකයන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් මෙන්ම විදෙස් සංචාරකයන්ට මුහුණදීමට සිදුවන විවිධ අක්‍රමිකතා වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමට අප කටයුතු කරනවා. ආණ්ඩු සහ දේශපාලනඥයන් වෙනස් වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් මෙරට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍යයි. අමාත්‍යවරයා වෙනස් වුණා කියා රටේ සංචාරක ප්‍රතිපත්තිය වෙනස් වෙන්න බැහැ. ඒ නිසා දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව සකස් කළ නව සංචාරක ප්‍රතිපත්තිය අප කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අප ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරනවා” යනුවෙන් හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...

දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ එකතුවිය යුතු ආකාරය ගැන අපේ අදහස

නිශ්මං රණසිංහ අගෝස්තු 22, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය...

STF වෙඩි පහරින් සැකකරුවකු මරුට !

හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ...

2045 : මේ චේන්ජ් එක ලේසි නෑ. මම නම් මේ වැඩේට ආවෙ අවුරුදු 20කට – ඇමති චතුරංග

ජාතික ජන බලවේගය අපේක්ෂා කරන රටේ සමස්ත පරිවර්තනය සිදුකිරීමට...