සංවර්ධන බැඳුම්කර හුවමාරුව අවසන් !

ඊයේ දිනයේදී (අගෝස්තු 15) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර මුළුමනින්ම අවසන් කර තිබෙනවා. මේ අනුව, ආපසු ගෙවිය යුතුව තිබුණු සංවර්ධන බැඳුම්කර වෙනුවට වර්ග පහක භාණ්ඩාගාර බැඳුම්කර මිශ්‍රණයක් ලබා දීම ඊයේ දිනයේදී සිදු වී තිබෙනවා. මෙම එක් භාණ්ඩාගාර බැඳුම්කරයකින් රුපියල් මිලියන 50,444.3ක මුහුණත අගයක් ලෙස රුපියල් මිලියන 252,221.5ක භාණ්ඩාගාර බැඳුම්කර අළුතෙන් නිකුත් කර තිබෙනවා.

සංවර්ධන බැඳුම්කර වෙනුවට භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරු කර ඇත්තේ කවර විණිමය අනුපාතය යටතේද යන්න ප්‍රකාශයට පත් කර නැහැ. ඊයේ අන්තර් බැංකු වෙළදපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 320.94ක්. එම විණිමය අනුපාතිකය අනුව ඉහත මුදල සමාන වන්නේ ඩොලර් 795,891,890ක මුදලකටයි. ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා භාර ගත් සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 791,446,221ක්. මේ අනුව, ඩොලරයක මැදි මිලට වඩා තරමක් අඩු රුපියල් 318.68 වැනි අනුපාතයකට මෙම හුවමාරුව සිදු කර ඇති බවත්, සංවර්ධන බැඳුම්කර සියල්ලම මෙන් භාණ්ඩාගාර බැඳුම්කර සමඟ හුවමාරු කර ඇති බවත් පැහැදිලියි.

සංවර්ධන බැඳුම්කරහිමියන්ට හුවමාරුව සිදු කිරීම සඳහා විකල්ප තුනක් ලැබුණා. අදාළ විකල්ප තුනෙන් පළමු විකල්ප දෙකෙන් එකක් තෝරා ගත්තේනම් හුවමාරුව සිදු වන්නේ ඩොලර් බැඳුම්කර සමඟයි. තෙවන විකල්පයේදී ඩොලර් බැඳුම්කර රුපියල් බැඳුම්කර හා හුවමාරු වෙනවා. බැඳුම්කරහිමියන් සියලු දෙනාම වාගේ තෝරාගෙන තිබෙන්නේ තෙවන විකල්පයයි.

මේ තේරීම තේරුම් ගැනීම අපහසු නැහැ. පළමු තේරීම විකල්පය වීනම් ආපසු ලැබෙන්නේ මුල් මුදලින් 70%ක් පමණයි. දෙවන විකල්පය තෝරාගත්තේනම් වසර 9ක් යන තුරු කිසිදු මුදලක් ආපසු ලැබෙන්නේ නැහැ. මේ විකල්ප දෙකෙන් එකක් වඩා හොඳ තේරීම විය හැකිව තිබුණේ ඩොලර් හොයා ගැනීම විශාල ප්‍රශ්නයක් වී තිබුණු පසුබිමක පමණයි. පවතින තත්ත්වය තුළ, රුපියල් ආපසු ලැබේනම් ඒ රුපියල් ඩොලර් කිරීම ප්‍රශ්නයක් නොවන බව සංවර්ධන බැඳුම්කරහිමියන් විසින් නිගමනය කර තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...