අනුර අද තංගල්ලෙන් වැඩ අල්ලයි. පළමු දවසේම දැවැන්ත ජන රැලි තුනක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ඒ මහතාගේ මංගල ජනරැලිය අද (17) පස්වරු 04.00 ට තංගල්ලේදී ආරම්භ වීමට නියමිතය.

එමෙන්ම අද දිනයේදී තවත් ජන රැලි දෙකක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත.

ඒ, පස්වරු 05.00 ට මාතරදී සහ පස්වරු 06.00 ට ගාල්ලේදී වශයෙනි.

“රට අනුරට – රුහුණ පෙරට” මැයෙන් පැවැත්වෙන මෙම ජන රැලි සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විධායක සභිකයින් සහ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...

රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම ආපහු ගනී!

කොළඹ LNW:නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන...

තේරීම් කමිටුවේ තීරණ එක්ක වාද කරන්න බැහැ,අපි එයාලට ගරු කරන්න ඕනි – නායක දසුන් ශානක

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙන...

වතු කම්කරු ප්‍රජාවට සුබ දිනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW : අද (30) දින...