දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක් !

Date:

ජනාධිපතිවරණයට පෙර, මෙවර ජනාධිපති ධුරයට තරඟ වදින රනිල් වික්‍රමසිංහගේ, සජිත් ප්‍රේමදාසගේ, අනුර කුමාර දිසානායකගේ, නාමල් රාජපක්ෂගේ, විජයදාස රාජපක්ෂගේ හෝ සරත් ෆොන්සේකාගේ වත්කම් මොනවාද කියා දැන ගන්න අවශ්‍යද? එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ, ධම්මික පෙරේරා වැනි අයෙකුගේ වත්කම් ගැන දැනගන්න අවශ්‍යද?

මේ වැඩේ දැන් ඉතාම පහසුයි. ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයින්ගේ වගේම අග විනිසුරු, මහ බැංකු අධිපති, තානාපතිවරුන්, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් වැනි රජයේ ඉහළ තනතුරු දරන්නන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු දැන් ඔබට එකම තැනකින් පහසුවෙන් බලා ගන්න පුළුවන්.

මීට පෙරද මේ තොරතුරු ලබා ගත හැකි වුවත්, ඒ සඳහා තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඉල්ලීමක් කළ යුතු වුනා. දැන් එසේ කරන්නට අවශ්‍ය නැහැ. මෙම තොරතුරු අඩංගු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ගොස් ඔබගේ අනන්‍යතාව තහවුරු කළ හැකි තොරතුරු ඇතුළත් කිරීමෙන් පසුව මේ තොරතුරු පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. මෙය ශ්‍රී ලංකා රජය පාරදෘශ්‍යතාවය දිශාවට තබා තිබෙන දැවැන්ත පියවරක්.

ශ්‍රී ලංකා රජයේ පාරදෘශ්‍යතාවය මේ තරමටම දියුණු වී තිබෙන්නේ 2023 දූෂණ විරෝධී පණතේ ප්‍රතිපාදන අනුවයි. ඒ අනුව, මෙය අරගලයේ සෘජු ප්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැකියි.

ඉහත සඳහන් තොරතුරු බලා ගැනීම සඳහා පහත වෙබ් අඩවියට යන්න.

ads.ciaboc.lk

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...