ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතත් එය සම්පූර්ණ නිශ්ඵල ක්‍රියාවක් බවත් විපක්ෂය කරන්නේම ඔවැනි ඵල රහිත දේවල් බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
“අර ගම්මන්පිලයි අතරමං වෙලා ඉන්න සෙට් එකකුයි ගිහින් තියෙනවා දඹුල්ලේ ශීතාගාරයක් බලන්න. ගිහිල්ලා අහනවා පිටරටින් අල, ලූණු ගේන එක නවත්වන්න පුළුවන් නේද මේක පටන් ගත්තොත් කියලා. කන ගාණ දන්නෙ නැතිවුණාම ඔහොම තමයි. නේ ? ඒ වගේ වැඩනෙ කරන්නෙ. අර පාර්ලිමේන්තුවට දාලා තියෙන්නෙ විශ්වාසභංගයක්. අපේ නියෝජ්‍ය ඇමති කෙනෙකුට දානවා. නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ. ඒ කියන්නෙ එයා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමක් දරන කෙනෙක් නෙවෙයි ඉල්ලා අස්වෙන්න. හරියට මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ. දැන් හොයාගන්න මොකක්වත් නැතිව මෝදි විවෘත කරලා ගිය ගබඩාවෙ වැඩ පටන් අරන් නැහැ කියන්න අද උත්සාහ කරනවා. ඒ නිසා අපට කියන්න තියෙන්නෙ තව ටිකක් එහාට ආවා නම් කුඹුරු ටිකකුත් කපාගන්න තිබ්බා නේ ? වැඩ නැතිව ඉන්නවා නම් ?”
වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ මැදිරිගිරිය විවිධ සේවා සමූපකාරයේ ගොඩනැගිල්ලක පළමු මහල සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට පෙරේදා (15) එක්වෙමිනි.
