මානව හිමිකම් සංවිධාන වලින් ඊශ්‍රායලයට චෝදනා!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 17 කොළඹ LNW :

ඊයේ දිනයේදීත් (16) ඊශ්‍රායලය  ගාසා තීරය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ගාසා නගරය ඉලක්ක කරගනිමින් ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් අල් අහ්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

මානව හිමිකම් සංවිධාන චෝදනා කර සිටින්නේ, ඊශ්‍රායලය ගාසා නගරයේ බලය අතපත් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් නගරයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කරන බවටයි.

ගෙවුණු පැය 24 තුළදී සාගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය වැසියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර, ඒ සමගම ආහාර අර්බුදය හේතුවෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 251 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරට කුඩා දරුවන් 108 දෙනෙකු ද ඇතුලත් බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...