හදිසි නීතිය මේ සතියෙන් අවසන් – ජනපති රනිල්

Date:

මේ වනවිට රටේ තත්වය ස්ථාවර වී ඇති බැවින් තවදුරටත් හදිසි නීතිය දීර්ඝ කිරීමට තමන් කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“අපි ගත කරන්නේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කැප කළ කාලයක්. දරුණු ආර්ථික අර්බුදය සහ දරුණු දේශපාලන අස්ථාවරභාවය නිසා ශ්‍රී ලංකාවට අහිමි වුණු දේ ගණනය කළ නොහැකි තරම්. නමුත් දැන් අපි යථා තත්වයට පත්වී සිටින්නේ. අපට ඇති අභියෝගය අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි. රටේ තත්වය සාමාන්‍ය අතට පත්වී තිබෙන නිසා මම හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නැහැ. එය මේ සතිය අවසානයේදී අවසන් වෙයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. අපි කොහොමද ඉදිරියට යන්නේ කියන එක සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් අපට අවශ්‍යයයි. අපි ඒ වෙනස ඇති කළොත් මේ රටට අනාගතයක් තියෙයි, එහෙම නොවුණත් මේ රට තවත් ලෙබනනයක් බවට පත්වෙයි”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සම්මේලනයේ 2022 සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...