සුඩාන් යුද්ධය හා ස්ත්‍රීන්ගේ විලාපය

Date:

සුඩානයේ පැරාමිලිටරි බලකායක් වන (RSF) මිලීෂියන්වරු හා සුඩාන සන්නද්ධ හමුදා (SAF) අතර යුද්ධ පසුගිය අප්‍රේල් මස සිට ආරම්භ වූ අතර ඉන් පිඩාවට පත් වුයේ ඔවුන් අතර සිරවී සිටින්නේ මිලියන ගණනක් සුඩාන ජාතිකයන්ය. විශේෂයෙන් කාන්තාවන්ය.

මේ වන විට සුඩාන කාන්තාවන්, ගැහැණු ළමයින්, ඝර්භනිය කාන්තාවන් දූෂණයට ලක්වීමේ සිදුවීම් වාර්තා වී ඇති සංඛ්‍යාව 50කි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ ස්ත්‍රී දූෂණය අතිශය නින්දිතම ක්‍රියාවලියක් වන බවත්, ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් වෙනුවෙන් ගැබ්ගැනීම් වැලැක්වීම, ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා ප්‍රතිකාර අවශ්‍ය වන බවත්, විශේෂයෙන්ම HIV සහ හෙපටයිටිස් වළක්වන ප්‍රතිවෛරස් ඖෂධ ඔවුන් සතුව ඇති බවත්ය.

විශේෂඥයින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ නිශ්චිත සංඛ්‍යා දත්ත නොමැති මුත්, 1994 රුවන්ඩාවේ ජන සංහාරයේදී 250,000 ත් 500,000 ත් අතර සංඛ්‍යාවක් සහ 1996 සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අවම වශයෙන් 200,000 ක් දුෂණයට ලක්වීමේ ප්‍රචණ්ඩත්වය දැන් සුඩානය තුළද ක්‍රියාත්මක වන බවයි. කෙසේ නමුත් මේ වනවිට දෙපාර්ශ්වයම ස්ත්‍රී දූෂණය ආයුධයක් ලෙස භාවිත කර තිබේ.

සුඩාන කාන්තාවන් පවුලේ පිරිමින් විසින් ආරක්ෂා කළ යුතු නිර්මලත්වය සහ ගතානුගතිකත්වයේ සාම්ප්‍රදායික සංකේතයක් වශයෙන් සලකනු ලබන අතර කාන්තා ශරීරය ගෞරවයේ, පාරිශුද්ධත්වයේ සංකේතයක් ලෙස ඔවුන්ගේ ඉතිහාසයේ නිර්වචනයට ලකව තිබේ. දේශීය වෛද්‍යවරයෙකු සහ ෆිල්-ඒ-හර්ට් පුණ්‍යායතනයේ නිර්මාතෘවරයෙකු වන මොහොමඩ් අබුබකර්ට ප්‍රකාශකර තිබුණේ, පැරාමිලිටරි බලකාය දශක දෙකකට පෙර ඩාර්ෆූර්හි ප්‍රසිද්ධියට පත් වූ දා සිට ලිංගික ප්‍රචණ්ඩත්වය RSF උපාය මාර්ග තුළ ඇති බවයි.

සශිකලා මධුෂාණි_outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...