*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

” බදු වලින් රට නංවමු ” UNLOCKING  THE   POWER  OF TAXES “

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වර්තමානයේ රට මුහුණ දී ඇති  කාලෝචිත මා‍තෘකාවක් වන රටේ බදු පිළිබඳ විද්වත් කතිකාවක් ලෙස “බදු බලයේ අගුළු හැරීම හෙවත් ” UNLOCKING  THE   POWER  OF TAXES  යන මැයෙන් NextGenSL වෙතින් සංවිධානය කළ උත්සවයක් ඊයේ (16) දින ප.ව. 06 ට කොළඹ මැරියට් හෝටලයේදී  පැවැත්විණ.

මෙහිදී සරල බව, මධ්‍යස්ථභාවය, සාධාරණත්වය සහ ස්ථාවරත්වය මත පදනම් වූ විධිමත් බදු ප්‍රතිපත්තියක විභවයන් සොයා රටෙහි  ආර්ථිකයේ ප්‍රධාන අංශවලට සිදුවන හානිය අවම කර ගනිමින් හොඳ සැලසුම් කළ බදු ක්‍රම මඟින් ආදායම උපරිම කර ගත හැකි ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන සභිකයකු වූ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති (CCC)  දුමින්ද හුලංගමුව මහතා පැවසූවේ,  දේශපාලඥයින් පසුගිය කාලය තුළ නොයෙකුත් අවස්ථාවලදී රටට ඵලදායි නොවන විවිධ බලාපොරොත්තු  ලබාදෙමින් ජනතාව නොමග යවා ඇති බවයි . ඉදිරි මැතිවරණවලදී දේශපාලකයන්ට ඉටු කළ නොහැකි පොරොන්දු ලබාදීම නතර කළ යුතු බවත් , එසේ කළහොත් ලංකා වාණිජ මණ්ඩලය ඔවුන්ට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටින බවත්ය.

දේශපාලඥයන් විසින් දෙන බලාපොරොත්තු ඉටු කිරීමට උත්සාහ කිරීමෙන් රට විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන බවත් පැවසූ හුලංගමුව මහතා රාජ්‍ය අංශය පිරවීම, බදු අඩු කිරීම, අනවශ්‍ය වියදම් , තිරසාර නොවන යටිතල පහසුකම් ගොඩනැගීම යන පොරොන්දු ඉටු කිරීමට යාම ආර්ථිකයට සිදුවන අහිතකර ප්‍රතිඵලවලින් ස්වල්පයක් බවද කීය.

වත්මන් බදු ව්‍යුහය වැඩි නොවුණත් ඉහළ මට්ටමක පවතින්නේ දේශපාලනඥයන් මැතිවරණ ප්‍රතිඥා තබා බදු අඩු කිරීම නිසා නැවත වරක් අඩු බදු ගෙවීමට පුරුදු වී ඇති බැවින් එය ඉහළ මට්ටමක පවතින බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD), රේගුව සහ සුරාබදු බදු ආදායම් එකතු කිරීමේ ප්‍රධාන ක්ෂේත්‍ර තුන සම්පූර්ණයෙන් ඩිජිටල්කරණයවී නොමැති බැවින් බදු ආදායම් එකතු කිරීම සාධාරණ නොවන අතර සෑහීමකට පත් නොවන බව ඔහු පැවසීය.

ඔවුන් තවමත් වාචික ක්‍රම අනුගමනය කරමින් සිටින අතර ඒවා ඉක්මනින් ඩිජිටල් ලෙස වෙනස් කළ යුතුය.”

උදාහරණයක් දක්වමින් ඔහු කියා සිටියේ කිසියම් පුද්ගලයකු විසින් වාහන හිමිකමක් වෙනස් කරන විට හෝ අලුතින් ඉඩමක් මිලදී ගත් විට එම වාර්තා දේශීය ආදායම් වෙත පැමිණෙන අතර IRD සෑම කෙනෙකුටම බදු ලිපිගොනු විවෘත කළ නමුත් , අහඹු ලෙස ඔවුන්ගෙන් 50% ක් IRD නිලධාරීන් හා සම්භන්ධ වන අතර  අවසානයේ බදු ලිපි ගැනීමට  පැමිණෙන්නේ ස්වල්පයක් පමණක්  බවයි.

මෙම සදාචාර විරෝධී ක්‍රියාව නැවැත්විය හැකි එකම ක්‍රමය IRD ඩිජිටල්කරණය කිරීම බව හුලංගමුව මහතා පැවසීය.

රජය ණය ගැනීම සාධාරණීකරණය කළ හැක්කේ , සාධාරණ පොලියකට සහ ණය ගැනීම සහ ඒවා හොඳ දෙයක් සඳහා ප්‍රයෝජනයකට ගන්නේ නම් පමණක් බවත් , ශ්‍රී ලංකා රජයන් මීට පෙර ණය ලබාගෙන අද විශාල සුදු අලි බවට පත්ව ඇති ඵලදායී නොවන යටිතල පහසුකම් කිහිපයක් සඳහා ආයෝජනය කර ඇති බව හුලංගමුව මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ  වියදම් ඉතා ඉහළ වන අතර ඔවුන් සඳහා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රු.ට්‍රිලියන 1.3ක් සහ යුද අයවැයක් පවත්වාගෙන යාමට ට්‍රිලියන 2.6ක් වැය කරනු ලබන අතර  ඒවා අඩු කිරීමට ක්‍රමානුකූල පියවර ගත යුතු බව හුලංගමුව මහතා දීර්ඝ ලෙස කියා සිටියේය.

මෙහිදී සභාව ඇමතූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ,  රට ආර්ථික සමෘද්ධිය කරා ළඟා වෙමින් ඉතා හොඳ ප්‍රගතියක් ලබා ඇති බවත්, ඒ සඳහා ගෙන යන වත්මන් වැඩපිළිවෙළට සියලු දෙනාගේ සහයෝගය ලබා දිය යුතු බවත්ය.

” 2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව වඩා හොඳ තත්ත්වයක සිටින බව මට සහතික විය හැකි නමුත් සමස්ත ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය නොමැතිව අප පෙර සිටි තත්ත්වයට වඩා බෙහෙවින් නරක තත්ත්වයකට නැවත වැටෙනු ඇත”

ලෙස ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙහිදී  අදහස් ඇක්වූ  ජාතික ජන බලවේගයේ (NPP/JVP) නියෝජිත මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසූවේ ,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම නිවැරදි දිශාවට ගත් පියවරක් නමුත් ඔවුන්ගේ සියලු න්‍යාය පත්‍ර ඉටු කිරීම විවාදයට ගත යුතු දෙයක් බවයි.

හිටපු නියෝජ්‍ය මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මෙහිදී පැවසූවේ

  “ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ව්‍යාපාර නොකළ යුතු අතර වඩා හොඳ සේවාවක්  ලබාදෙන පෞද්ගලික අංශයට ඒවා ලබාදිය යුතුය යන රජයේ ස්ථාවරය ඉරාන් මහතා අනුමත කළ අතර, වසර 14 කට පෙර රටේ පැවතුණු  ගැටුමක් අවසන් කළ අවස්ථාවේදී ආරක්‍ෂාව සඳහා අයවැයෙන් 10%කට වැඩි මුදලක් වෙන් කිරීම පිළිබඳව රජය බැරෑරුම් ලෙස නැවත සොයා බැලිය යුතු බවද  ඔහු පැවසීය. මන්ද මෙය ආසියාවේ ආරක්‍ෂාව සඳහා වැඩිම අයවැය ප්‍රතිපාදනය වන බවද කීය.

තවද , රටේ පුරවැසියන් 17 දෙනෙකුට සේවය කිරීමට එක් රාජ්‍ය සේවකයෙකු සිටීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය ආසියාවේ ඉහළම අංශය වන  බවද ඔහු කීය.

“ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ මෙම සංඛ්‍යාව පුරවැසියන්  1 සිට 180 දක්වා වන අතර ජපානයේ එය පුරවැසියන් 1 සිට 300 දක්වා වේ.” බදු එකතු කිරීම විධිමත් කිරීම සඳහා ‘තනි ආදායම් එකතු කිරීමේ අධිකාරියක්’ පිහිටුවීමට ද යෝජනා කරන බව ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත්  කීවේය.

තවද , මෙම සංවාදයේදී සියලුම පාර්ශවයන් එකගවූ අනෙක් කාරණය නම් ‘බදු ආයුධයක්’ ( Weaponising Tax ) කර ගැනීමට කිසිදු රජයකට ඉඩ නොතැබිය යුතු බවයි. මීට පෙර අවස්ථා කීපයකදීත් විවිධ රජයන් ආපස්සට බලපාන පරිදි බදු පැනවීය. මෙයින් පෞද්ගලික අංශය විශාල ලෙස අධෛර්‍යමත් විය. එම නිසා ආයතන හෝ පුදගලයින් ඉලක්කකරගෙන ( Targeted Tax ) බදු ගැසීමද බදු මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව පොදු අදහස විය.

මෙම වැඩසටහන සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, හිටපු නියෝජ්‍ය මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න , ජාතික ජන බලවේගයේ (NPP/JVP) නියෝජිත මහාචාර්ය අනිල් ජයන්ත, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති (CCC)  දුමින්ද හුලංගමුව  සහ ඇඩ්වොකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ෆර්නෑන්ඩො යන අය සහ ආරාධිත පක්ෂ විපක්ෂ සාමාජිකයන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan