වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනවා – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මධ්‍යසාර බෝතල් මත ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් වාර්තාවන සිද්ධවලට අදාළ පාර්ශ්වයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ කොතරම් දැවැන්ත මධ්‍යසාර නිෂ්පාදන සමාගමක් වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සියලුම මධ්‍යසාර නිෂ්පදනාගාර අධීක්ෂණය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පත් කර ඇතැයි පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වරද නිලධාරීන්ගේ නම් ඔවුන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (17) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෞවන සමාජ පද්ධතියම දේශපාලනීකරණය කර JVP අතකොලුවක් බවට පත්කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයත් යෞවන කටයුතු අමාත්‍යවරයා සහ...

ඉදිරියේදී ඇසුරුම් කරන ලද පොල්තෙල් පමණයි. ලූස් අලෙවිය බෑ – පාරිභෝගික අධිකාරිය

සටහන - රුවන් නෙළුගොල්ල නියමිත ලෙස ඇසුරුම් කරන ලද පොල්තෙල්...

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි...

පාපැදි පරමාදර්ශය පොගාකර්ට ප්‍රංශ සවාරියේ සිව්වැනි ජයත්

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ස්ලෝවේනියාවේ දී 1998, උපත...