පුළුල් වූ බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක් අවශ්‍යයි  –  මනුෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන් අමාත්‍යාංශ ගණනාවක් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධ කරගත් පුළුල් බහු පාර්ශවීය කාර්යසාධක බලකායක අවශ්‍යතාවය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී අධ්‍යයනයක් සිදු කරන ලෙසට අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද දිනයේදී අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඒ සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධාන තාක්ෂණික උපදේශක සහ ප්‍රාදේශීය ක්‍රියාකාරී සේවා ඒකකයේ ප්‍රධානී imon Brimblecombe සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ Mariko Ouchi එක්ව සිටි අතර එහිදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශය, සේවා යෝජකයින්ගේ සංගම්, වෘත්තීය සමිති ඇතුළු සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අතරම ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිරීක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් මෙම සාකච්ඡා සදහා වන ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කරනු ලැබුවේය.

විරැකියා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම, මාතෘ ප්‍රතිලාභ, ශ්‍රමිකයින්ට අදාල වන්දි මුදල් ලබාදීමේ ක්‍රමවේදයන් සහිතව පුළුල් කම්කරු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් මේ වන විට අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එ

ක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...