එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

Date:

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන් පුළුල් දේශපාලන එකමුතුවක් ඉදිරිකාලයේදී බිහිකරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වසර 30කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගයේ පිරිස් විපක්ෂයේ කටයුතු කළද ඔවුන් ජයග්‍රහණය කරා යන බවක් පෙනෙන්නට නැති බවයි රණවක මහහා සඳහන් කරන්නේ.

” අවුරුදු 30කට වැඩිකාලයක් එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායම විපක්ෂයේ හිටියා. දිනන ක්‍රියාවලියකට ගමන් කරන බවක් පේන්න නැහැ. අද වෙනකොට ආණ්ඩුව පොදුවේ එක ගුලියක් හැටියට හිටියට විපක්ෂය කොටස් ගණනාවකට බෙදී ඉන්නේ. අපි විශ්වාස කරන්නේ නැහැ මේකට්ටිය ඔක්කොම එකතුවෙලා කටයුතු කරන්න පුළුවන් කියල. උතුරේ, නැගෙනහිර, දකුණේත් සම්ප්‍රදායික පක්ෂ බිඳවැටිලා තිබෙනවා. ඒ ජන්ද දායකය ආකර්ෂණය කරන්න පුළුවන් නව ජාතික එකමුතුවක් අපි පළමු වරට දේශපාලන පක්ෂ භේදයකින් තොරව ඒ වගේම කිසියම් ආකරයකට දේශපාලන පක්ෂ සන්ධාන ක්‍රියාවලියක් ඉදිරි කාලයේදී හදුන්වා දෙනවා. මේ රටට අලුත් බලාපොරොත්තුවක් අවශ්‍යයි. විශේෂයෙන්ම අලුත් තරුණ පිරිස්, අලුත් මට්ටම්වල සමාජ ක්‍රියාකාරිකයින්ගේ ගමනක් අවශ්‍යයි. සංවර්ධනයයි දුෂණය නැති රටකුයි දෙකම එකට ගේන පුළුල් දේශපාලන එකමුතුවක් අපි ඉදිරි කාලයේදී බිහිකරනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...