දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා මුල් පෙළේ සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ චිලව් මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණි පානදුර කණ්ඩායම අසරණ කරන්නට දෙව්මි විහංගා සමත් වූවාය.ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක් අවශ්‍යය වූ පානදුර කණ්ඩායම වෙනුවෙන් රශ්මිකා සෙව්වන්දි (23) විශ්වසනීය ඉණිමක් ගොඩ නඟමින් සිටියදී ඊට හරස් වෙමින් රශ්මිකාව දවා ලූ දෙව්මි විහංගා,සමස්ත තරගයේ දී ලකුණු 16 ට කඩුලු 5 ක් ලබා ගනිමින් තරගයේ ජය චිලව් මේරියන්ස් කණ්ඩායමට හිමි කර දුන්නාය.
චිලව් මේරියන්ස් කණ්ඩායමේ සුපිරි පිතිකාරිණිය චමරි අතපත්තු මේ තරගයේදී අසාර්ථක වීමත් සමඟ එකා පිට එකා දැවී යද්දී සචිනි නිසංසලා වගකීම් සහගත ලකුණු 32 ක් ලබා ගැනීම නිසා චිලව් මේරියන්ස් ලකුණු පූවරුව කඩුලු 9 ට 108 ක් දක්වා ඉහළට ඔසවා තබන්නට හැකි විය.චේතනා විමුක්ති සහ ප්‍රමුදි මෙත්සරා පිළිවෙළින් ලකුණු 20 සහ 18 ට කඩුලු 3 බැඟීන් දවා ගත් අතර පානදුර කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නිය වී සිටින යසන්ති හේරත් ලකුණු 11 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වූවාය.


චිලව් මේරියනස් කණ්ඩායමට චමරිගේ පිත්තේ ආශිර්වාදය නෙලැබුණා සේ ම ගුවන් හමුදාවට එරෙහිව අපරාජිත නාවික හමුදා කණ්ඩායමේ තරගයේදී තරගාවලියේ වැඩිම ලකුණුලාභිණිය වූ හර්ෂිතා සමරවික්‍රම එක ලකුණකට දැවී ගියාය.එහෙත් ඒ වන විට මේ තරගයේදී සාර්ථ වූ නාවික හමුදා ආරම්භක පිතතාරිණියන් වන හසිනි පෙරේරා (62) සහ නිලක්ෂණා සඳමිණි (33) හොඳ ආරම්භයක් ලබා දී තිබූ නිසා එය ගැටළුවක් නොවිණ.ඒ අතරට නායිකා හංසිමා කරුණාරත්න ද වගකීම් සහගත ලකුණු 39 ක් එක් කළ බැවින් නාවික හමුදා ඉණිම පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 8 ට ලකුණු 183 ක් විය.


පිළිතුරු සොයා ගිය ගුවන් හමුදා කණ්ඩායමෙ ආරම්භය යහපත් විය.ලකුනු 41 ක සබඳතාවයක් පන්දු ඕවර් 10.5 දී ඇති කරන්නට හිරුෂි පීරිස් සහ අයේෂා කීර්තිරත්න සමත් විය.එහෙත් හර්ෂිතා ගේ දක්ෂ පන්දු රැකීම නිසා සිඳු වූ දුවද්දී දැවී යාම් දෙක මෙන්ම තරගාවලියේ වැඩිම කඩුලුලාභිණිය වී සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා ඉනෝකා රණවීර පන්දු ඕවර් 10 ලකුණු 22 ට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගැනීම ද ගුවන් හමුදාවට හිස එසැවිය නොහැකි අන්දමේ පීඩනයක් ගෙන දුන්නේය.එහෙත් අභියෝගය අත් ‍නොහළ මල්ෂා ෂෙහානි (60) තමන්ගේ පළපුරුද්දෙන් දවා ගත් උදේශිකා ප්‍රබෝධනී සහ මල්ෂා සිය නායිකාව වූ සඳනි තිවංකා (13) සමඟ ගොඬ නැඟූ සබඳතාවය බිඳ දමන්නට පන්දුව අතට ගත් නායිකා හංසිමා කරුණාරත්න ද ගුවන් හමුදාවේ සියල්ල ලකුණු 142 සීමා කර නාවික හමුදාවේ අපරාජිතත්වයට තවත් ලකුනු 41 ක් ජයක් එක් කරන්නට සමත් විය.


එසේම සීසීසී කණ්ඩායමට එරෙහිව යුද හමුදා ක්‍රීඩිකාවෝ කඩුලු 5 ක් ජයක් වාර්තා කළහ. සිසීසී කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න 67 ක් සහ කෞෂණි නෘත්‍යාංගා වේගවත් ලකුණු 41 ක් ලබා ගනිමින් සීසීසී ලකුණු පුවරුව කඩුලු 8 ට ලකුණු 167 ක් දක්වා ඉහළට එසැවීය.එහෙත් යුද හමුදා ආරම්භක පිතිකාරීන්යන් දෙපළ වූ නෙත්මි සේනාරත්න ( 65) සහ ඉමල්කා මෙණ්ඩිස් (57) අර්ධ ශතක ලබා ගනිමින් කළ යහපත් ආරම්භය නිසා යුද හමුදාවට කඩුලු 5 ක් දැවී සිය ලකුණු පූවරුව 171 ක් දක්වා ඔසවා ගැනීමට හැකියාව ලැබිණ.
කෝල්ට්ස් ක්‍රීකට් කණ්ඩායමට ද ජයක් හිමි වූ අතර ඒ එස්එස්සී කණ්ඩායමට එරෙහිවය.එස්එස්සී කණ්ඩායම කඩුලු 09 ක් දැවී රැස් කළ ලකුණු 117 ට පිළිතුරු ලෙස කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 120 ක් ලබා ගනිමින් කඩුලු 3 ක් ජයක් ලබන්නට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...