ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW:

කැබ් රථයක් ලොරියක ගැටී පෙරලීයාමෙන් ඊයේ(17) සවස A-9 මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශයේ සිදු වූ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් 19 දෙනෙකු තවදුරටත් වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. වව්නියාව දෙස සිට ධාවනය වූ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරෙන් කැඩි රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් කාන්තාවන් 10 දෙනෙකු, පිරිමි පුද්ගලයන් 07 දෙනෙකු සහ ළමුන් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙන අතර, ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය කියා සිටී.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා ඔමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...