ඉසුරු පරාක්‍රම
අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දරුවන් අපේක්ෂාවෙන් සිටින සරුභාවය පිළිබඳ ගැටළු ඇති යුවළයන්ට චීනයෙන් තාක්ෂණික විසඳුමක් ලැබෙන බවට සලකුණු පහල වී තිබේ.
ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරන අන්දමට ලොව පළමු වරට දරුවකු බිහිකිරීමට සමත් රොබෝවරයකු චීනයේ නිශ්පාදනය කෙරෙමින් පවතින අතර, මෙම රොබෝවරයා, සංසේචනය සිදු වී කළල විකසනයේ සිට දරු ප්‍රසූූතිය දක්වා ම වූ ක්‍රියාවලිය තාක්ෂණිකව අනුකරණය කිරීමට සමත් ය.
“ජෙස්ටේෂන් රොබෝ” යනුවෙන් හඳුන්වන මෙම රොබෝවරයා, සරුභාවය පිළිබඳව ගැටළු පවතින යුවළයන්ට සහ දරුවන් අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයන්ට දරුවන් ලබා ගැනීම සඳහා උපකාරවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම රොබෝවරයා නිශ්පාදනය කෙරෙන්නේ චීනයේ ග්වාංග්ෂු හි පිහිටි කායිවා ටෙක්නොලොජි සමාගම විසින්වන අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සිංගප්පූරුවේ නන්යැංග් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකුවන වෛද්‍ය ෂැංග් ඛිෆෙංග් ගේ මූලිකත්වයෙනි.
මෙම දරු ප්‍රසූති ක්‍රියාවලියට අදාළ තාක්ෂණය දැනටමත් “පරිණත අවදියක” පසුවන බව වෛද්‍ය ෂැංග් ඛිෆෙංග් පවසන අතර, එම තාක්ෂණය රොබෝවරයාගේ උදරයේ ස්ථාපිත කිරීමට ඉතිරිව ඇති බව හෙතෙම අවධාරණය කරයි.
ඒ අනුව, සැබෑ මනුෂ්‍යයකු සහ රොබෝවරයකු අතර ජන්මානු සංසේචනයට අවශ්‍ය සම්බන්ධතාවය ගොඩනඟා ගැනීමට, ඒ තුළින් ජන්මානු සංසේචනය සිදු වී කළල විකසනයක් ඇතිකර ගැනීමට, සහ එම කළලය දරුවකු දක්වා වර්ධනය වී බිහිකිරීමට මෙම තාක්ෂණය ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ඇති බව වෛද්‍ය ෂැංග් ඛිෆෙංග් පෙන්වා දෙයි.
මෙම රොබෝවරයා නිශ්පාදනය කිරීම සාර්ථක වූවහොත්, එය වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම නූතන පවුල් ඒකකය තුළ දැවැන්ත විප්ලවයක් ඇතිකරනු ඇති අතර, දරුවන් ලැබීම සම්බන්ධයෙන් පවතින සාම්ප්‍රදායික මතවාද බිඳදැමීමට සමත්වනු ඇත.
මෙම රොබෝවරයා ගේ මූලාකෘතියක් හෙවත් ප්‍රොටෝටයිප් නිශ්පාදනයක් එළඹෙන 2026 වර්ෂයේ එළිදැක්වීමට නියමිත අතර, එය යුවාන් 100,000 (ඇ.ඩො. 14,000) ක මුදලකට තක්සේරුකර ඇත.

