උතුරේ හර්තාලය අසාර්ථකද?

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW:

අද (18) දින ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් විසින් මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසට හා තවත් ඉල්ලීම් කිහිපයක් ඉල්ලීම් කරමින් උතුරු නැගෙනහිර පළාත්වල හර්තාලයක් කැඳවා තිබුණි.

නමුත් හර්තාලය කැඳවා තිබුණද අද දින උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු, පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බව වාර්තා වේ. හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගම් කිහිපයක් සහයෝගය පළ කළද, වෙළඳ සංගම් රැසක් හර්තාලය වෙනුවෙන් සහයෝගය පළ නොකරන බවට ප්‍රකාශ නිකුත් කොට තිබුණි.

හර්තාලය පැවැත්වු නගරවල වෙළඳ සැල් රැසක් විවෘත කොට තිබු අතර, වෙළඳසැල් කිහිපයක් වසා දමා තිබෙන අයුරුද දැක ගැනීමට හැකි වුන අතර, උතුරේ ජන ජිවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වු ආකාරයද දැක ගැනීමට හැකි වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...