රතන හිමිට එරෙහිව වරෙන්තු!

Date:

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ ඉල්ලීමකට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්වා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උන්වහන්සේ වැඩ සිටින රාජගිරියේ සඳහම් සෙවන වෙත පසුගිය 07 වන දින රාත්‍රීයේ ගොස් තිබුණද ඒ අවස්ථාවේ උන්වහන්සේ එහි රැඳී සිට නැත.

ජංගම දුරකථනය පවා අක්‍රීය කර උන්වහන්සේ සැඟවී සිටින බවයිකොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබුණේ. ඒ අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙන්ම සේවයෙන් නෙරපා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නොසලකා හරින ලද අර්බුදයක් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව පුරා...

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...