ඩොලර් නැති අස්සේ 2025 වෙනකල් ගල් අඟුරු ගෙන්වන්න කැබිනට් පත්‍රිකාවක් ? – චම්පික (VIDEO)

Date:

මාස කිහිපයකටවත් ගල් අඟුරු ගෙන්වීම සඳහා ඩොලර් නොමැති පසුබිමක 2025 වසර දක්වා එකවැර ගල් අඟුරු ගෙන්වීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“නොරොච්චෝලේ බලාගාරයේ දැන් තියෙන්නෙ තාක්ෂණික බිඳවැටීමක් කියලා ඒගොල්ලො කියනවා. ඇත්තටම නොරොච්චෝලේ බලාගාරයේ එක යන්ත්‍රයක් ත්‍රෛවාර්ෂික නඩත්තු කිරීමට වසා දමන්න වෙන තත්වෙක තමයි තිබුණේ. කෙසේ නමුත් සැප්තැම්බර් මස අග ඉඳන් ගල් අඟුරු ටොන් මිලියන 2.5ක් ගෙන්වා ගන්න කටයුතු කළේ නැත්නම් විධිමත් ආකාරයකට, අපට පැය තුන නෙවෙයි පැය 10ක විතර විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා 2025 වෙනකල් ගල් අඟුරු ගෙන්වන්න. මේ මාස කීපෙකටවත් ගල් අඟුරු ගෙන්වන්න ඩොලර් නෑ කියකිය 2025 වෙනකල් අල් අඟුරු එකපාරට ගෙන්වන්න හදන්නෙ මොන පදනමක් මතද, මොන ක්‍රියාවලියක් මතද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විවෘත ආකාරයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකළොත් අපට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා”

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...