සිංහලයිනි, රනිල් එළවමු – මහාචාර්ය නලින් ද සිල්වා ඇමරිකාවේ සිට යෝජනා කරයි !

රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයකු සහ මියන්මාරයේ හිටපු තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට අවසර දීම සහ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කිරීම නිසා කෝපයට පත් ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිංහල ජනතාව අමතමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙරට අංක එකේ සිංහල – බෞද්ධ ජාතිකවාදියකු වන, දැඩි බටහිර විරෝධියෙකු මෙන්ම බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කියන මහාචාර්ය නලින් ද සිල්වා මහතා මේ වනවිට සිය දරු මුණුපුරන් සමග ඇමරිකාවේ ජීවත් වෙමින් සිටින අතර මෙම යෝජනාව ඒ මහතා එහි සිට මෙරට සිංහලයින් වෙත ඉදිරිපත් කර තිබීම ද ඓතිහාසික ජවනිකාවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...