පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Date:

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ලියාපදිංචි දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. මැතිවරණ ක්‍රමයේ සිදු කළයුතු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

ලබන 23 වැනිදා මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර දේශපාලන පක්ෂ නියෝජිතයන්ට අමතරව මැතිවරණ නිරීක්ෂණ සංවිධානද මෙම සාකච්ඡාව සහභාගි වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසන්නේ.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් යෝජනා කර ඇති සංශෝධන පිළිබඳව මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල යෝජනා ලබා ගැනීමටද මැතිවරණ කොමිසම අදහස් කරගෙන තිබෙනවා.

මෙම සංශෝධන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...