*
Monday, October 28, 2024
spot_img

Latest Posts

ගෝඨාභය ග්‍රීන් කාඩ් අයදුම් කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචියට යාමට තීරණය කර තිබෙනවා. මේ වනවිටත් ඔහු ග්‍රීන් කාඩ් අයදුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින් සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හළ අතර කෙසේ නමුත් ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ ලේලිය තවමත් ඇමරිකානු පුරවැසියන් ලෙස සිටී. මේ නිසා රාජපක්ෂ මහතාට යළිත් ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව තිබෙන බව ඔහුගේ නීතිඥයන් පවසා තිබෙනවා.

කෙසේ නමුත් ඇමරිකානු පුරවැසිභාවය අත්හළ පුද්ගලයෙකුට යළිත් පුරවැසිභාවය ලබාදීමේදී ඇමරිකානු රජය දැඩි සීමා පනවා තිබෙනවා.

ඇති වූ මහජන අරගල හමුවේ පසුගිය ජුලි 09 වැනිදා මාලදිවයින වෙත පළාගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්පසු සිංගප්පූරුව වෙත පිටත්ව ගියේය. ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත්වූයේ ඉන් පසුවයි. සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදුන් කාලසීමාව ඉක්මයාම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තය වෙත පිටත්ව ගිය අතර නොවැම්බර් මාසය දක්වා එහි රැඳී සිටීමට තීරණය කර තිබිණි.

කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු වන උදයංග වීරතුංග මහතා ඊයේ ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා එළඹෙන 24 වැනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan