*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඇෆ්ගන් වේගය ඕස්ට්‍රේලියාවට

ඇෆ්ගන් කෙටි දුර ධාවන සූරී කාමියා යුසූෆ්ට ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලැබී ඇත.තලේාන් පාලනය යටතේ ඇෆ්ගන් කාන්තා ක්‍රීඩාවට ඉඩ වැසි ඇති අතර ක්‍රීඩාවන් කිරීම හිංසනය කැඳවන කාරණයක් ලෙස ද හැඳින්විය හැකිය.මේ සම්බන්ධයෙන් සැළකිල්ල යොමු කළ ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව කාමියා යුසුෆ්ට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබා දෙන්නට ඉදිරිපත් වි ඇත.ඔස්ට්‍රේලියානු රජයේ සහය ඇතිව ඕස්ට්‍රේලියාව බලා ආ ඇෆ්ගන් පවුල් පහක් අතරේ කාමියා ගේ පවුලද සිටි අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලෝක ක්‍රීඩා පවුල වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් මේ දක්වා රැදී සිටි ස්ථානයන්හී දී නඩත්තු කිරීමේ කාර්යයට මැදිහත් වී ඇත.
සමාජමය බාධාවන් කාන්තාවන්ට බහුල ඇෆ්ගන් පරිසරය තුළ සහනදායි අවස්ථාවකින් 2020 දී ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළ කාමියා එහිදී ඇෆ්ගන් ධජය රැගෙන යාමට ද සුදුසුකම් ලද්දාය.මීටර් 100 සහ 200 ඉසව් නියෝජනය කරන කාමියා ඔලිමපික් උළෙලේදී මීටර් 100 මූලික තරගවලට ඉදිරිපත් වූවාය.ඇය මීටර් 100 ඉසව්වට දක්වා ඇති හොඳම දක්ෂතාවය වන තත්පර 13.29 හෝ මීටර් 200 සඳහා දක්වා ඇති හොඳම දක්ෂතාවය වන තත්පර 30.39 ජාත්‍යන්තර මට්ටමේ පිළිගත හැකි හොඳ දක්ෂතාවයක් නොවේය. ඒවා අතිශයින් දුර්වල දක්ෂතාවයන් වුවත් ඔවුන් දුවන්නේ තරග ආරම්භයට ඇසෙන වෙඩි උණ්ඩයට නොව ජීවිතය ගිල ගන්නට යොමු වී තිබෙන උණ්ඩ වරුෂාවක් මැද බව සිතෙන විට කාමියා අතිශයින් එඩිතර තරුණියක්ය.
ක්‍රීඩාවට අවශ්‍යය සැහැල්ලු මානසිකත්වය වෙනුවට ක්‍රීඩා කිරීම මරණයට හේතු විය හැකිය යන හැඟීමෙන්,සම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් සමඟ දුවන්නියකට වඩා ඕස්ට්‍රේලියාවේදි ඈ වෙනස්වන්නට ඉඩ ඇත.2020 දි ඇෆ්ගන් අවස්ථාව ලැබුණ වේගයට වඩා වේගයකින් 2024 පැරිස් ඔලිම්පික් සඳහා දුව යාමේ සුදුසුකමට කාමියාට සූදානම් වන්නට බව ඇයද දන්නීය.එය දැන දැනම කාමියා කියන්නේ ඇය එම සිහිනය සාර්ථක කර ගන්නට වැඩ කරන බවය.ඒ වන විට තලේබාන් පාලනයෙන් මිදුණු නිදහස් ඇෆ්ගන් රජයක් තිබුණොත් කාමියා වඩාත් නිදහස්ව දුව යනු දැකිය හැකිය.නමුත් ඇය වේගයට වඩා එඩිතරකමේ ප්‍රකාශනයක්ය.ඒ එඩිතරකමම යොදා ඇය වඩා වේගයෙන් දිවයන පිංතූරයක් බලන්නට ක්‍රීඩාවේ මානව ගුණාංගවලට ආදරය කරන කවුරුත් බලා සිටිනවා නිසැකය.
ක්‍රීඩාවේ මානසික සහ මානුෂික මෙහෙවර ගැන හොඳ උදාහරණයක් හැටියට ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන විධායක මැට් කැරොල් පවසන කතාව ගත හැකිය.” මෙම කාලය තුළ ඔවුන්ට මෙම කාලය තුළ ආතතිය සහ අවිනිශ්චිතතාවය අතිමහත් ය.”
පළමුව කාමියාගේ ධාවන පථයේ රංගය දැකිම වෙනුවට ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව ඇය තරග වැදීමට සුදුසු ස්ථාවර,විශ්වසනීය සහ සැහැල්ලු මනසක් සකස් කිරිමට උත්සාහ දරනවා ඇත.සැබෑ දක්ෂ වේදිකා රංගයක බොහෝ බර ඇත්තේ තිරය පිටුපස ඔහු කරන කැපවීම සහ ඔහුට ලැබෙන අමිල සහයෝගය මතය.අපි කාමියාගේ තිරය විවර වෙන තෙක් ඉවසමු.!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan