ඇමරිකාව හා තායිවානය අතර වෙළඳ සබඳතා වලට එරෙහිව චීනය අවි අමෝරයි!

Date:

එක්සත් ජනපදය සහ තායිවානය අතර නව මුහුණුවරකින් වෙළඳ සබඳතා ආරම්භ කිරීමට නියමිත බව ඉකුත් දින වාර්තා වූ අතර, මීට චීනය දැඩි ප්‍රතිචාරයක් ලබා දී බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව, චීන විදේශ අමාත්‍යංශය අද (18) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, චීනය සිය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට අධිෂ්ඨානශීලී පියවර ගන්නා බවත්, ඇමරිකාව තායිවානය සමඟ වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට එකඟ වීම හරහා චීනය ගත් ක්‍රියාමාර්ගලය පිළිබඳ වැරදි විනිශ්චයක් සිදු නොකරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.

ඊයේ (17) දින එක්සත් ජනපදය සහ තායිවානය අතර, අර්ථවත් ආර්ථික ප්‍රතිඵල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ප්‍රකාශයට පත් කෙරුණු අතර, එක්සත් ජනපදය තායිවානය සමඟ පවත්වා ගන්නා මෙම මිත්‍රත්තවය තායිවානය යනු තවමත් චීනයේ කොටසක් බවට විශ්වාස කෙරෙන පාර්ශවයන්ගේ දැඩි නොසතුටට හේතු වී තිබේ.

තායිවානය චීනයෙන් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් පාලනයක් පවත්වා ගන්න අතර, චීනය ස්වෛරීභාවය නිර්වචනය කරන අන්දමට අනුව කටයුතු නොකරන රාජ්‍යයකි.

මෙහිදී චීනයේ ස්ථාවරයට පක්ෂපාතී අන්දමින් රුසියාව ද ප්‍රතිචාර දක්වා ඇති අතර, රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් පවසන්නේ, තායිවානයේ ස්වාධීනත්වයට එක්සත් ජනපදය සහාය ලබා දීම හරහා ආසියානු පැසිෆික් කලාපයේ ද නේටෝ සංවිධානය වන් යුධ එකමුතුවක් බිහි කිරීම එක්සත් ජනපදයේ අරමුණ වී ඇති බවයි.

චීනයේ සෙවණැල්ලටම මුවා වී ගොස් ගොස් චීනයට යාබද රාජ්‍යයකට සහාය පළ කිරීම හරහා චීනය ලොව පුරා ආර්ථික වශයෙන් ඇතිකර තබෙන බලපෑම දියාරු කිරීම ඇමරිකාවේ ප්‍රයද්නය වී තිබේ.

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය ආසියානු පැසිෆික් කලාපයේ විවිධ පාර්ශවයන් කුපිත කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බවත්, ඉකුත් දින ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැන්සි පෙලෝසි සිදුකළ ප්‍රකාශය සහ ඇගේ තායිවාන සංචාරය මීට කදිම නිදසුනක් බවත් ය.

මෙහි දී තායිවානය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් කටයුතු කිරීම වරදක් නොවන අතර, ලෝක බලවතකු ඊට සහයෝගය ලබා දීමද වරදක් නොවේ. එහෙත්, දේශපාලනික වශයෙන් ගෝලීය ආර්ථික මාවත සිය ග්‍රහණයට නතුකර ගැනීමේ අභිලාෂය මත චීනයට එළිපිට යුධ ප්‍රකාශ කරන්නක් මෙන් එක්සත් ජනපදය කටයුතු කිරීම සහ චීනය මීට ප්‍රතිචාර දක්වන අන්දම දැන දැනම චීනයේ ගතානුගතික දේශපාලන මතධාරීන් කුපිත කරවීම අනුමත කළ හැක්කක් නොවේ.

මීට චීනය ප්‍රතිචාර ලබා දී ඇති අන්දම අනුව, සිය ඊනියා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට යම් යුධ ක්‍රියාන්විතයක් දියත් කිරීමට ඔවුන් කටයුතු කළහොත්, දැනටමත් ගෝලීය වශයෙන් ඉන්ධන, බලශක්ති, ආහාර ඇතුළු විවිධ අර්බුද රැසකට මුල පිරීමට හේතු වී ඇති රුසියානු – යුක්රේන යුද්ධයට අමතරව දරුපරපුරු වල අනාගතය විනාශ කරන තවත් සන්නද්ධ අරගලයකට මුල පිරීම වැළැක්විය නොහැකි වනු ඇත.

ඉසුරු පරාක්‍රම-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...

‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක්...

නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වසර හතරකට වරක් පැවත්...